උපකාන්ඩ 401 තාවකාලික රැකියා (long stay ) වීසා
ඔබට දැනටමත් රැකියා , ක්‍රීඩා ,ආගම් ආශ්‍රිත සේවා හෝ හුවමාරු යටතේ මෙම වීසා ලබා දී ඇත්නම් ප්‍රශ්නයක් නැහැ

උපකාණ්ඩ 402 පුහුණු හා පර්යේෂණ වීසා
මෙම වීසා කාණ්ඩය වෙනුවට නව 407 පුහුණු වීසා එකක් ඉදිරිපත් කර තිබේ. වසර 2017 මැයි 18 වනතුරු නිල 402 වීසා සදහා ලියාපදිංචි පුහුණු ආයතනයක් විසින් ඔබ යෝජනා කර අනුග්රාහය දැක්විය යුතු වේ. ඔබ මධ්‍යම රජයේ ආයතනයකින් පුහුණුව ලබයි නම් එය ඔබට ගැටළුවක් නොවේ.

උපකාණ්ඩ 416 විශේෂ වැඩසටහන් වීසා
තරුණ හුවමාරු, සංස්කෘතික වැඩසටහන් හෝ පාසල් වැඩසටහන් සදහා ලබා දුන් මෙම වීසා වෙනුවට 408 තාවකාලික කටයුතු වීසා එකක් ලබා දෙනවා
උපකාණ්ඩ 420 කලා කටයුතු සදහා වීසා
මෙම වීසා එක වෙනුවට දැන් නව 408 වීසා එක ලබා දෙනවා. මෙහිදී ලබා දුන් වට්ටම් ඉවත් කර, අන්තර්ජාලය ඔස්සේ පමණක් වීසා අයදුම් කිරීම හා කිසිවෙකුට කලාකරුවන් ට අනුග්‍රහය දැක්විය නොහැකි කොට තිබෙනවා.

උපකාණ්ඩ 488 Superyacht Crew visa
මෙම වීසා එක වෙනුවටත් දැන් කළා කටයුතු, ක්‍රීඩා ,ආගම් කටයුතු හෝ නිවෙස් වල අත් උදව්වට යොදා ගැනීමේ හෝ විධායක නිලධාරීන් සදහා 408 වීසා එක ලබා දෙනවා

නොවැම්බර 19 සිට හඳුන්වා දුන් නව වීසා පහත දැක්වේ
- Subclass 400 Temporary Work (Short Stay Specialist) visa
- Subclass 403 Temporary Work (International Relations) visa
- Subclass 407 Training visa
- Subclass 408 Temporary Activity visa
වැඩි විස්තර සදහා The Department of Immigration and Border Protection website වෙබ් අඩවියට පිවිසෙන්න
වැඩිවිස්තර දැනගන්න මේ සතියේ SBS සිංහල settlement Guide තුලින් ....
settlement Guide - ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගතයුතු කරුණු පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙන විශේෂාංගය - සෑම සතියකම අඟහරුවාදා SBS සිංහල වැඩසටහනෙන්

