SBS සිංහල සේවයෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඔබට සපයන අත්වැල: මෙවර නව සංක්‍රමණිකයන්ට නිවාස පහසුකම් සොයා ගැනීම

housing

Source: iDuke CC BY-SA 2.5

අලුතින් පැමිණෙන සරණාගත මානුෂීය වීසා ලාභී ජනයාට කෙටි කාලීනව නවාතැන සැපයීමක් තිබෙනවා. සති 4ක් යන තුරු කුලේ රහිතව තම දීමනා ලැබෙන තුරු ඔවුන්ට සිටිය හැකියි . ඒ ඔවුන් පැමිනෙන විට ඔවුන්ට මුදල් නොමැති නිසා රජය විසින් එම ආධාරය සපයනවා
Settlement Services International හි කළමනාකාරිණි Yamaha Agha පවසන්නේ පළමු දිනයේ සිටම සරණාගත ජනයාට මෙම උපකාර ලැබෙන බවයි.


රජය සමඟ සරණාගත ජනයාට ඇති එකඟතාවය අවසන් වනවාත් සමඟ ඔවුන්ට කුලී නිවෙස් සොයා ගැනීමට සිදු වෙනවා. නමුත් ඔවුන් අඩු ආයදම් ලබන නිසාත්, පෙර කුලී නිවාස ඉතිහාසයක් නැති නිසාත්, භාෂා දුර්වලතාවය නිසාත් අපහසුවට පත් වෙනවා. Yamaha Agha පවසන්නේ එම ප්රථම අදියරෙන් පසු සියලුම සංක්රමණිකයන් එක හා සමාන ලෙස සලකන බවයි.
ඔවුන්ට ධීර්ඝ කාලීන නවාතැන් හමුවූ විට ඔවුන්ට කලී ගෙවීම් ආරම්භ කල හැකියි. ඒ සති හතරෙන් පසුව බොහෝ විට ඔවුනට රැකියා සොයා ගැනීමට අපහසු නම් ඔවුන් තමන්ට ලැබෙන සහනාදාරයෙන් කුලී ගෙවීමට පෙළඹෙනවා
Rental Market
Rental Market Source: AAP
ඕස්ට්රේලියාවේ ස්ථාවර ලෙස පදිංචි වීමට අලුතෙන් ඕස්ට්රේලියාවට සංක්රමණය වන පුද්ගලයින්ට ඇති ප්රදානම ගැටළුවක් වන්නේ සරිලන නවාතැන් පහසුකම් සොයා ගැනීමයි. විවිධ සේවාවන් රජය සහ අනෙකුත් ආයතන සමඟ මේ පිළිබඳව නොයෙකුත් වැඩසටහන් ක්රියාත්මක කලත්, තවමත් අලුත් සංක්රමණිකයන්ට නිවෙස් සොයා ගැනීම ගැටළුවක් වී තිබෙනවා. සරණාගත වීසා ලබාගෙන ඕස්ට්රේලියාවේ පදිංචි වන පුද්ගලයන්ට රජය විසින් නිවෙස් සොයා ගැනීමේ වැඩසටහනක්ද, ගෙවල් කුලී සඳහා ආධාරද සපයනවා. මෙය සිදුවන්නේ මධ්යම රජයේ Humanitarian Settlement Services වැඩසටහන යටතේයි. 90% ක් පවරා සංක්රමණිකයන් මෙම සේවාව භාවිතා කරන බවයි. වසර 2012 Journal of Refugee Studies සඟරාවේ පළමු වාර්තාවක් පවසන්නේ.මෙම වැඩසටහන NSW හි Settlement Services International ආදී ආයතන මඟින් ක්රියාත්මක කරනවා.

Settlement Services International හි කළමනාකරුවන් බොහෝ විට මෙම සරණාගත ජනයා තම අදායමෙන් 50% - 60% ක් තරම් කොටසක් ගෙවල් කුලී සඳහා ගෙවන බවට පවසනවා. සිඩ්නි හි Liverpool Migrant Resource Centre වැනි ආයතනත් එලෙසම අවස්ථා පිලිබඳ හෙළිකළා. Liverpool Migrant Resource Centre හි කළමනාකාරිණි Olivia Nguy පවසන්නේ බොහෝ විට Centrelink දීමනා වලින් යැපෙන මෙම පුද්ගලයින් තම ආදායමින් අඩකටත් වඩා ගෙවල් කුලී සඳහා යොදවන බවයි.
බොහෝ පුද්ගලයන් centrelink දීමනා වලින් සම්පුර්ණයෙන්ම ලැබෙන විට එයින් ගෙවල් කුලී ගෙවීම සිදු කරනවා
Victoria ප්රාන්තයේ සෑම වසරකම AMES Australia සංවිධානය විසින් සරණාගත සහ නව සංක්රමණිකයන්ට 40,000කට පමණ පදිංචිය සහ සේවා සපයනවා. AMES හි පදිංචි කිරීමේ සේවා කණ්ඩායම් නායක Joseph Youhona අළුත් සංක්රමණිකයෙක් ලෙස තමා මුහුණ දුන් අත්දැකීමක් මෙලෙස විස්තර කරනවා.
මම වසර 2006 ඉරාකයේ සිට ඔස්ට්රේලියාවට UNHCR සහය යටතේ මානුෂීය වැඩසටහනකින් පැමිණියා. මම එකල සිරියාවේ වාසය කළා, ඉරාකයෙන් පලා ආ විට ඔස්ට්රේලියාව මමත් මගේ පවුලත් පිළිගත්තා . අපි ගුවන් තොටුපලින් ගොඩබැස්ස විට අපගේ පදිංචිය පිලිබඳ කටයුතු කරන නිලධාරීන් අප හමුවට පැමිණ සිටියා Image
Joseph සහ ඔහුගේ පවුල, ඔහුගේ නැන්දනිය සමඟ ඔවුන්ගේම වාසස්ථානයක් සොයා ගන්නා තුරු ජීවත් වුණා.

අපි ජීවත් වුනේ බොහෝ බහු සංස්කෘතික පසුබිමකින් යුත් ජනයා සිටි පරිසරයක. 1970-80 කාලයේ සිටම උතුරු මෙල්බන් හි එම ප්රදේශය විවිද පසුබිම් වලින් පැමිණෙන පුද්ගලයන් වාසය කරන පෙදෙසක්

ඔහු පවසන්නේ නගරබද නිවාස කුලියට ගැනීම තවමත් අභියෝගයක් වන බවයි.
වික්ටෝරියා ප්රාන්තය තුල පහසුවෙන් මිලදී ගත හැකි දේපල හිඟයක් පවතිනවා, බොහෝ බහු සංස්කෘතික පසුබිමකින් යුත් ජනයා අලුතින් ඉදිකළ උප නගර වලයි වාසය කරන්නේ. බටහිර ප්රදේශයේ Werribee වැනි උප නගරත් උතුරින් Broadmeadows වැනි තවමත් අපේ වත්කමට සරිලන උපනගර තිබීම වාසනාවක් Image
Refugee Council of Australia විසින් වසර 2013 දී සිදුකළ අධයනයකට අනුව සෑම වසරකම සරණාගත ප්රජාවන් තමන්ට සරිලන නිවාස සොයා ගැනීමේ ගැටළුව ඔවුන් මුහුණ දෙන ප්රදාන ගැටළුවක් බවට සලකනවා. Liverpool Migrant Resource Centre හි Olivia Nguy පවසන්නේ ආබාධ සහිත පුද්ගලයන්ට මෙය තවත් ගැටළුවක් වන බවයි.


එසේම අළුතින් පැමිණි ශාරීරික අබාධ සහිත පුද්ගලයන්ට විශේෂයෙන්ම මේ නිසා අනාරක්ෂිත ලෙස ජීවත් වන බවත් ඈ පවසනවා.
wheelchair
Source: AAP
සරණාගත මානුෂීය වීසා ලාබීන් Centrelink දීමනා වලින්ම පමණක් යැපෙන විට ඔවුන් දැඩි ආර්ථික අසීරුතා වලට මුහුණ දෙනවා. Olivia Nguy පවසන්නේ ඒ අවස්ථා වලදී Liverpool Migrant Resource Centre එක සහය දක්වන බවයි. ජල හා විදුලි බිල්පත් ගෙවීමට ඔවුන්ට උදව් අවශ්ය වෙනවා.

Settlement Services International විසින් වසර 2014 දී සෙනට් සභාවට ඉදිරිපත් කල Affordable Housing in Australia නම් වාර්තාවට අනුව මානුෂීය වීසා ලාබීන්ට ගෙවල් කුලී ඉතිහාසයක් නොමැති වීම දැඩි ලෙස බලපානවා. මෙවන් අවස්ථා වලදී Liverpool Migrant Resource Centre වැනි සේවාවන් නිවාස කුලියට ගැනීමට උපකාර කරනවා.

NSW හි Settlement Service International විසින් නිවාස කුලියට ගැනීමේදී අයිතීන් හා වගකීම් පිළිබඳව, අරාබි, සිරියානු, පර්සියානු හා දුරී ඇතුළු විවිධ භාෂා වලින් උපදෙස් සපයනවා. Settlement Service International හි Yamaha Agha පවසන්නේ ඒ සරණාගත ජනයාට ස්වාධීන ලෙස ජීවත් වීමට අත්වැලක් ලෙසයි.
අපේ සියලු සරණාගත ජනයාට පුහුණුව සහ තොරතුරු ලබා දෙන්නේ ඔවුන්ගේම භාෂාවෙන්. පන්ති කාමරකදී දෙන උපදෙස් සේම ඔවුන් නව නිවසට පැමිණි විට ඔවුන්ට එම නිවාස පවත්වා ගෙන යන ආකාරය පිළිබඳවත් උපදෙස් ලබා දෙනවා. දැන් අපි විවිද දේපොළ වෙළඳාම් ඒජන්තවරුන් සමග කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනෙකුට සරණාගත ජනයාගේ අවශ්යතා හඳුනා ගත හැකියි.
වික්ටෝරියා හි AMES Australia විසින් ඒ හා සමාන පුහුණු වැඩසටහන් Amharic, නේපාලි, දෙමළ, Pashto හා උර්දු ඇතුළු විවිධ භාෂාවන් වලින් ක්‍රියාත්මක කරනවා. එසේම ඔවුන් සරිලන නිවෙස් සොයා ගැනීමට නිලධාරින්ද පත් කර තිබෙනවා. එම නිලධාරීන් විසින් ප්‍රථම ගෙවීම්, කුලී ගිවිසුම් අත්සන් කිරීමටත් වෙනත් ගැටළු විසඳීමටත් සහය ලබා දෙනවා. Joseph Youhama පවසන්නේ ඔවුන් විවිධ අකාරයේ ඒ හා සම්බන්ධ නිලධාරීන සමඟ නිරතුරුව කටයුතු කරන බවයි.
අප කණ්ඩායම පෞද්ගලික දේපල හිමියන් සහ දේපල වෙළඳාම් ආයතන සමග දේපල සොයා ගැනීමේ හැකියාව වැඩි කර ගැනීමට කටයුතු කරනවා. අපේ කාර්ය වන්නේ අලුතින් පැමිණෙන ප්රජාවන්ට නිවසක් සොයා ගැනීමේ සියලු පියවර වලදී සහයෝගය දැක්වීමයි
එසේම ඔහුට ඔහුගේ ඕස්ට්‍රේලියාවේ තිබූ සබඳතා නිසා නිවෙස් සොයා ගැනීමට යම් තරමකින් පහසු වූ බවත් ඔහු පවසනවා.
මගේ කතාව නම් මගේ පදිංචිය ගැන කටයුතු කල නිලධාරියා දේපල වෙළඳාම් නියෝජිතයන් සමග සම්බදතාවක් තිබුන. මගේ නන්දනියේ සැමියා තමි මා පිලිබඳ නිර්දේශ කලේ. මම තවත් නිවෙස් කිහිපයක් බලන්න ගියත් මට ලැබුනේ එම නිවාස පමණයි
නමුත් අළුතින් පැමිණෙන පුද්ගලයන් බොහෝ දෙනෙකුට එසේ ඕස්ට්‍රේලියාව තුල පවුලේ අය හෝ මිතුරන් නොමැති නිසා ප්‍රජාවන් තුල හුදෙකලා වෙන බවත්, ප්‍රජා සහයෝගය ඔවුන්ට අවශ්‍ය බවත් ඔහු පවසනවා.
මම හිතන්නේ දැනට ඔස්ට්රේලියාව තුල ස්ථාපිත වී ඇති ප්රජාවන්ට වගකීමක් තිබෙනවා අලුතින් පදිංචි වන්නන්ට වැදගත් කරුණු පිලිබඳ අවබෝධයක් ලබා දීමට, අලුතින් පදිංචි වන්නන්ටත් අනෙක් පදිංචි කරුවන් සේම සාර්ථක වීම උදෙසා Image
ඕස්ට්‍රේලියාව තුල තමාට සරිලන, වියදම් කල හැකි තරමේ වාසස්ථාන මොනවාද යන කරුණ හඳුනා ගැනීම වැදගත් බවත් Joseph පවසනවා.
මම ප්රජාවන් උනන්දු කරනවා අලුතින් පදිංචි වන්නන්ට ඕස්ට්රේලියාවේ නිවසක් කුලියට ගැනීම පහසු නොවන බවට දැනුවත් කිරීමට. එය මව් රටට වඩා වෙනස් බවට. ඔස්ට්රේලියාව තුල ප්රථම නිවාස ට අනුමැතිය ලැබෙන තුරු දීර්ඝ ක්රියාවලියකට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙනවා
වික්ටෝරියා ප්‍රාන්තය තුළින් මෙසේ නිවාස සඳහා සහය ලබා ගැනීමට AMES Australia හා සම්බන්ධ වීමට ඔබට හැකියි. http://www.ames.net.au/settling-in-australia/settlement-accommodation-services.html

Settlement Services International නිලදාරින්ද නිවෙස් වලට ගොස් දායකත්වය ලබා දෙනවා. New South Wales ප්‍රන්තයෙඔවුන් සමඟ සම්බන්ධ විය හැකියි.http://www.ssi.org.au/

එසේම Sydney Services Liverpool Migrant Resource Centre විසින් විවිධ භාෂා වලින් සේවා ලබා දෙනවා. http://lmrc.org.au/

එසේම Humanitarian Settlement Services වැඩසටහන ඕස්ට්‍රේලියාව පුරා ප්‍රදේශ 23ක ක්‍රියාත්මකයි. 


Share

4 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service