ඔබ ඕස්ට්‍රේලියාවේ දරුණු රිය අනතුරකට හෝ සුළු අනතුරකට පත් වුවද ඔබ නීතිමය ලෙස කටයුතු කල යුතු වේ . ඔබ අවස්තාවක මුහුණ දුන හොත් මෙලෙස කටයුතු කරන්න
ඔබේ වාහනය ආරක්‍ෂිත ලෙස නවත් වන්න
වාහනය ගැටුණු විට පලා යාම නීතියෙන් තහනම් වරදකි . අඳුරු අවස්තාවක hazard light දල්වන්න
අනතුරට මුහුණ දුන් අයගේ තත්වය පිලිබඳ සොයා බලන්න
තුවාල ලබා ඇති පුද්ගලයන් අවධානමක් නැත්නම් ඔබ විසින් ඔවුන් එතනින් ඉවත් කිරීමට සැරසෙන්න එපා

හදිසි අවස්ථාවල පහත දුරකථන අංක අමතන්න
000 අමතන්න අවශ්‍ය අවස්ථා ;
- කිසිවකුට තුවාල වූ විට, අනෙක් රියදුරා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ගෙන ඇත්නම් , දරුණු අවධානමක් ඇත්නම් හෝ අනෙක් පාර්ශ්වය ඔවුන්ගේ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන විටදී
ඔබේ තොරතුරු අනිත් පාර්ශවයට ලබා දෙන්න
ඔබේ තොරතුරු අනිත් පාර්ශවයට ලබා දිය යුතුයි . අනතුර සිදු වූ ස්ථානය, වෙලාව , රියදුරුගේ බලපත් අංකය, ලිපිනය, දුරකථන අංකය , වාහන ලියාපදිංචි අංක, රියදුරු වාහනයේ හිමිකරු නොවේ නම්, ඔවුන්ගේ තොරතුරැ , සිද්ධිය ඇසින් දුටුවකුගේ තොරතුරු හා පොලීසිය පැමිණයේ නම් එම නිලදාරීන්ගේ තොරතුරු
අනතුර චායාරුපයට නගන්න
Car Accident Report and iWrecked වැනි දුරකථන app මගින්ද එසේ තොරතුරු සටහන් කල හැකියි
වාහනයේ රියදුරු නොමැති විට ඔබ අතින් වාහනයේ සීරීමක් වුව හොත් ඔබේ තොරතුරු වාහනයේ රඳවා යන්න
අනතුරක් වාර්තා කිරීම
දරුණු අනතුරක් පැය 24කින් වාර්තා කල යුතුයි , ඒ , තුවාල සිදු වීමක් වුව හොත්, රියදුරු තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි අවස්ථා වලදී ,වාහනය ඇද ගෙන යාමට සිදුවූ විටදී හෝ අලාභය ඩොලර් 3000ට වැඩි බවට සිතිය හැකි නම්
සුළු අනතුරු වාර්තා කිරීම අවශ්‍ය නැතත් සමහර අවස්තාවලදී රක්ෂණ සමාගම් පොලිස් වාර්තා ඉල්ලන නිසා එසේ කල හැකියි

වාහනය ඇද ගෙන යාම
ඒ සදහා එම ආයතනයක දුරකත අංකයක් සැම විටම ලග තබා ගන්න
රක්ෂණ සමාගමට දැන්වීම
රක්ෂණ සමාගමට හැකි ඉක්මනින් දැනුම් දිය යුතුයි. ඔවුන්ට අනතුරට සම්බන්ධ පුද්ගලයන්ගේ නම්, ලිපින, දුරකත අංක, වාහන ලියාපදිංචි අංක, වාහන වල වර්ණය හා වෙනත් තොරතුරු අවශ්‍ය වේ . ඔබ කලබලයට පත් නොවිය යුතුයි. සමහර විට රක්ෂණ සමාගම ඔබට වාහන ඇද ගෙන යාමට ද සහය ලබා දියයුතුයි
පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර දැන ගන්න
What to do after a crash in NSW
Traffic crash FAQ in Queensland
Crash responsibilities in Victoria
Reporting a car crash in Western Australia
Report a car crash in South Australia
Submitting a crash report in the ACT
Traffic crash reporting in Tasmania
Northern Territory Police Force

