මෙම රෝගියා වයස 44 ක් වන චීන ජාතික කාන්තාවක් වන අතර මේ වන විට Gold Coast University රෝහලේ ප්‍රතිකාර ගන්න බවට ක්වීන්ස්ලන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී Jeannette Young ප්‍රකාශ කර තිබේ. මේ අතර වික්ටෝරියා හි 64 හැවිරිදි පුද්ගලයෙකුද මෙම වයිරසය ආසාධිත බවට ඊයේ වාර්තා විය.
එසේම දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් 14 දෙනෙකු පරීක්ෂණයට ලක් වෙමින් සිටින බව වික්ටෝරියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton ප්‍රකාශ කළේය. එසේම ඔහු මෙහිදී ප්‍රකාශ කලේ චීනයේ සිට පැමිණෙන හා වුහාන් සිට පැමිණෙන ජනතාවට මෙය වැළදීමට යම් ප්‍රවනතාවක් ඇති බවයි. NSW හි මෙම වයිරසය ආසාධ්ත දැයි 16 දෙනෙකු පරීක්ෂාවට ලක් වෙමින් පවතී. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලක්ෂණ ඇති රෝගීන්ද පරීක්ෂාවට ලක් වීම වැදගත් බව වාර්තා වේ.
එසේම නිව් සවුත් වේල්ස් ප්‍රධාන වෛද්‍ය නිලධාරී Kerry Chant පවසා ඇත්තේ 2019-n Cov නම් වයිරසයේ විවිධ ප්‍රබේධ ඇති බව. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයත් ඉදිරියට පැමිණි විට මේ වයිරස ක්‍රියාකාරීත්වය පිළිබද තේරුම් ගැනීමේ හැකියාව වැඩි බව ඇය පවසයි. ඕස්ට්‍රේලියාවේ අනෙකුත් හමුවූ රෝගීන් සිඩ්නි නුවරින් හමු වී ඇත.
එසේම දකුණු ඕස්ට්‍රේලියාවේ 7 දෙනෙකුත් පරීක්ෂණයට ලක් වෙමින් පවතින අතර බටහිර ඕස්ට්‍රේලියාවෙත් සිව් දෙනෙකු පරීක්ෂාවට ලක් කොට නිදහස් කොට තිබේ. එසේම බ්‍රිස්බන් හි වුහාන් වෙත ගොස් පැමිණි චීන පාපන්දු කණ්ඩායමද නිරෝධායනය සදහා වෙන් කොට ඇත.
රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brendan Murphy පවසන්නේ රෝග ලක්ෂණ පෙන්වීමට පෙර සිටම මෙය ආසාධනය වීමේ හැකියාවක් ඇති බව පෙනෙන්නට ඇති නිසා Hubei වෙත ගොස් ආ පුද්ගලයින් වෙන් වී සිටීම වැදගත් බවයි. එසේම අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කලේ වුහාන් සිට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් දින 14ක් යන තුරු ක්‍රිස්මස් දුපතට යැවීමට කටයුතු කරන බවයි
නමුත් එම දුපතේ නගරාධිපති Gordon Thomson මෙයට විරුද්ධව ඇත්තේ එම දුපත "ලාදුරු කොලනියක් " ලෙස සලකන බව පවසමින්. මේ වන විට වුහාන් හි මිලියන 50ක් පමණ සිරවී ඇති අතර 132 කු මරනයට පත් වී ඇත . එසේම Smart Traveller වෙබ් අඩවියද චීනය යාම පිලිබදව අනතුරු ඇගවීම් නිකුත් කොට තිබේ.
නමුත් පසුගියදා NSW රජය පවසා තිබුනේ චීනයට පසුගිය සති 2 ඇතුලත ගිය දරුවන් නිවසේ තබා ගන්න ලෙසට. මෙය මධ්‍යම රජය විසින් නිකුත් කල උපදෙසට වෙනස් විය . Scott Morrison මහතාද පැවසුවේ ඔහුගේ දරුවන් ද සාමාන්‍ය ලෙස පාසල් යන බවයි.
Source: SBS News

