SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළට

Seventh Australian dies of COVID-19 as cases spike
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

81 වියෙහි පසුවූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසී කාන්තාවක් ඊයේ (19/03) රාත්‍රියේ Ryde රෝහලේදී කොරෝනා වයිරසය හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.

මේ අනුව දැනට ඔස්ට්‍රේලියාවේ සිදුවී ඇති කොරෝනා මරණ හතෙන් 6 ක්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඉතිරි මරණය වාර්තා වුයේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙනි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත පිරිස 307 ක් දක්වා ඉහළ නැග තිබේ.

අද (20/03) අලුයම වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 709 දක්වා ඉහළ ගොස් තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now