කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ හත් වැනි මරණය ඊයේ (08/04) වාර්තා වූ බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
ඊයේ දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 189 ක් වී තිබේ.
ඔවුන් අතුරින් 44 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවද ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Share

