SKIP TO MAIN CONTENT

සජිත් ගේ පරාජයෙන් පසු කබීර්, රුවන් සහ පරණවිතාන ඇමති ධුරවලින් ඉවත් වෙති

Several ministers step down
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයත් සමග සිය අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වන බව කබීර් හෂීම් මහතා පැවසීය.

මේ අතර ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරු වූ මලික් සමරවික්‍රම, මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී පෙරේරා ද සිය අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now