SKIP TO MAIN CONTENT

ඥානසාර හිමි අල්ලන්න පොලිස් මෙහෙයුමක්.

Sri Lanka Politics
Source: colombo gazette

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම යන සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඇරඹු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අලුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.

ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද උන් වහන්සේ එම දැනුම් දීම පැහැර හැර ඇතැයි ද පොලීසිය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now