SKIP TO MAIN CONTENT

හෙට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයයේ උෂ්ණත්වය 40' C පනී. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට මේ සතියේ යලිත් ලැව්ගිනි අවධානමක්

Sydney bushfire
Sydney'de bir orman yangını. Source: Fire and Rescue NSW Twitter

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

අද දිනයේදී (19 Nov) සමස්ත දකුණු ඕස්ට්‍රේලියා ප්‍රන්තයටම බලපැවැත්වෙන පරිදි total fire ban හෙවත් ගිනි ආශ්‍රිත ක්‍රියා තහනම ක්‍රියාවට නංවා තිබේ. හෙට දිනයේදී ප්‍රාන්තයට බලපෑ හැකිබවට කාලගුණ අංශ විසින් පුරෝකථනය කොට ඇති සෙල්සියස් අංශක 42 ක ඉහල උෂ්ණත්වයට පෙර මෙම total fire ban තත්වය ප්‍රකාශකිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

හෙට දිනයේදී (20 Nov) දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇතිවියහැකි ව්‍යසනකාරී ලැව්ගිනි තත්ත්ව පිළිබඳව අවධානයෙන් පසුවන බව ප්‍රාදේශීය ගිනි නිවන අංශය සඳහන් කරයි.

මේ අතර මේ අතර අද දින (19 Nov) පෙරවරු කාලයේදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල දුම් සහිත කාලගුණ තත්වයක් වාර්තා වී ඇතිබව කාලගුණ කාර්යාංශය සඳහන් කරයි.

ගිනි නිවන භටයන් දහසකට වැඩි පිරිසක් ප්‍රාන්තය තුල ඇතිව තිබෙන ලැව්ගිනි 50 කට වඩා වැඩි ප්‍රමාණයක් නිවාරණය කිරීම සඳහා තවදුරටත් සටන් කරමින් සිටින අතර මේ සතිය ඇතුලතදී නැවතත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තුල උෂ්ණත්වය යළිත් ඉහළ යනු ඇති බව ද කාලගුණ අංශ පුරෝකථනය කරයි.

ඒ අනුව, අද සහ බ්‍රහස්පතින්දා දිනයන් ඉතා අසීරු දින වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලට අදාල ඉහළ ගිනි අවදානම් ශ්‍රේණිගත කිරීම් තවදුරටත් එලෙසම බලපැවැත්වෙන බව ද වාර්තා වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now