SKIP TO MAIN CONTENT

NSW හි ඇතැම් ප්‍රදේශ සඳහා ගිගුරුම් සහිත තද වැසි, වික්ටෝරියා ඇතැම් කලාපවලට තවමත් ගංවතුර අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ගංවතුර පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙයින් ඉදිරිපත් කෙරේ.

SYDNEY WET WEATHER
Pedestrians hold umbrellas during wet weather in Sydney. (file) Source: AAP / PETER RAE/AAPIMAGE

2 min read

Published

Source: SBS



Skip to article content

කාලගුණ විද්‍යා කාර්යාංශය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම බටහිර, Riverina සහ බටහිර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට ගිගුරුම් සහිත වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

බලපෑමට ලක්විය හැකි ස්ථාන අතර මධ්‍යම බටහිර සහ බටහිර NSW හි Nyngan, Cobar, Bourke, Wilcannia, White Cliffs සහ Ivanhoe ඇතුළත් වේ.

Dandalo, Mudall, Nyngan, Mulgawarrina සහ Gongolgon හි පදිංචිකරුවන්ට අවධානයෙන් සිට ක්‍රියා කරන ලෙස උපදෙස් දී ඇත.

Mudall හි විශාල ගංවතුරක් හටගෙන ඇති අතර Nyngan හි Bogan ගංගාවේ ජාල මට්ටම එහි උච්චතම සීමාවට ආසන්න බව වාර්තා වේ.

ප්‍රධාන ගංවතුර Mulgawarrina සහ Gongolgon හි පහළ Bogan ගංගාව දිගේ දිගටම පවතී.

අඟහරුවාදා තුළ Bogan ගංගාවේ ජල පෝෂක ප්‍රදේශය පුරා තවදුරටත් වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති අතර, එමඟින් ගංගාවේ ජල මට්ටම් ඉහළ යාම සහ නැවත ගංවතුර ඇති විය හැකි බව NSW ප්‍රාන්තයේ හදිසි සේවා අංශය පවසයි.

අධික වර්ෂාපතනය සමඟ දැඩි ගිගුරුම් සහිත වැසි ඇතිවීම හේතුවෙන් නිරිතදිග, Riverina සහ Snowy Mountains කලාපවල, Wagga Wagga, Tumbarumba, Selwyn, Tumut, Holbrook සහ Lockhart හි හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.

Wagga Wagga ආසන්නයේ ඇති Oura වෙරලේ කඳවුරු බැඳීමෙන් වළකින ලෙස ද ජනතාවට උපදෙස් දී ඇත.

අඟහරුවාදා, සිඩ්නි නගරයට වර්ෂාපතනය ඇතිවීමේ 70% ක සම්භාවිතාවක් ඇති බවද වාර්තා වේ.

එමෙන්ම අද දිනයේ Southern Alps කලාපයට හිම පතනය අපේක්ෂා කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Barmah සහ Lower Moira ප්‍රදේශවල භයානක ගංවතුර සහ පුලුල්ව පැතිරුනු සහ සැලකිය යුතු ලෙස දූෂිත ගංවතුර පවතින බව වාර්තා වේ.

අද දිනයේදී පැවැත්වෙන Melbourne Cup තුරඟ තරගයට පෙර අපරභාගයේදී සහ සවස් කාලයේදී වැසි ඇතිවීමේ සම්භාවිතාව 95%ක් බවත්, ගිගුරුම් සහිත වැසි සහ කුඩා හිම කැට වර්ෂාවක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළ කරයි.

Goulburn River Lake Eildon සහ Seymour සඳහා මධ්‍යස්ථ ගංවතුර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා කාර්යාංශය වෙතින් නවතම කාලගුණ අනාවැකි සමඟ යාවත්කාලීනව සිටින්න

Bureau of Meteorology

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල නවතම හදිසි තත්ත්වයන් පිළිබඳ දැනගන්න

NSW SES

VIC SES 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now