SKIP TO MAIN CONTENT

ජනපතිගෙන් සරත් ෆොන්සේකාට රටේ ඉහළම ආරක්ෂක ප්‍රධානී තනතුරක්.

Sri Lanka Politics
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ සියලු ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට  ඉහළ තනතුරක් ලබාදීමේ  හැකියාව  සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩයේ සාකච්ඡාවට ලක් කෙරුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26/04) ප්‍රකාශ කළේය.

රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල  පාලනය කිරීමට සහ ප්‍රධාන වශයෙන් අංශ කිහිපයක විනය ගොඩනැංවීම අරමුණු කර ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර ලබාදම කෙරෙහි ජනාධිපතිවරයා අවධානය යොමු කළ බව හෙතෙම පැවසුවේය.

නිසි බලතල ඇතිව දෙන්නේ නම් එම ධුරය තමා එය බාර ගැනීමට සූදානම් බව සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ.

තවද, අමාත්‍ය ධූරයෙ සිටින අතරවාරයේ අමතර වගකීමක්  ලෙස එය පැවරීම පිළිබඳ අවධානය යොමු කළද, ඊට අදාළ නිසි ක්‍රමවේදයක් සාකච්ඡා නොකළ බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින‍් නිශ්චිත උපදෙස් ලබා නොදුන් බවත් ඔහු පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now