SKIP TO MAIN CONTENT

ෂහීද් අබ්බාසි, පාකිස්තාන නව අගමැති වෙයි.

Shahid Abbasi elected as new PM in Pakistan.
Source: AP

1 min read

Published

By Madhura Senviratne



Skip to article content

පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස එරට පාර්ලිමේන්තුවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි පත් කර තිබෙන බව වාර්තා වේ.

දූෂණ චෝදනා හේතුවෙන් හිටපු අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට සහ පාර්ලිමේන්තුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ පුරප්පාඩු වූ පාකිස්තාන අගමැතිධුරය සඳහා මෙලෙස ෂහීද් කඛාන් අබ්බාසි පත් කර ඇත.

අගමැතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ (01/08) රැස්වූ අතර එහිදි පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 221ක් දිනාගැනීමට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි සමත්විය.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය දක්වා හෙතෙම පාකිස්තාන අගමැතිධුරය හොබවනු ඇත. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now