SKIP TO MAIN CONTENT

සෙල්සියස් 37 දී මෙල්බන් ටෙනිස් පිටිය රත් කරමින් Sharapova නැවතත් ඉහළට.

Maria Sharapova THRASHES Anastasija Sevastova to stake Australian Open title claim

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිව්වන දිනය ක්‍රියාත්මක වන අද (18/01) දිනයේදී මීට සුළු මොහොතකට පෙර රුසියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Maria Sharapova සිය ප්‍රතිවාදී ලැටීවියානු ක්‍රීඩිකා Anastasija Sevastova 6-1 7-6(4) ලෙස පරාජයට පත් කරමින් තෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවාය.

Maria Sharapova vs Anastasija Sevastova
Maria Sharapova vs Anastasija Sevastova Source: Getty Images

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන මෙල්බන් පාර්ක් ක්‍රීඩා පරිශ්‍රයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 37 ඉක්මවමින් පවතින බව වාර්තා වේ.

එම අධික උෂ්ණත්වය හමුවේ Maria Sharapova සහ Anastasija Sevastova යන ක්‍රීඩිකාවන් දෙදෙනාම මහත් අපහසුතාවට පත්ව තරග වැදුණු අතර Sharapova  ගේ සිරුර දහදියෙන් තෙත්වී ඇති අයුරු ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ කැමරාවන්ට පවා හසු විය.

Maria Sharapova THRASHES Anastasija Sevastova to stake Australian Open title claim

තහනම් උත්තේජක සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා හේතුවෙන් ඇයට ගියවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය  මගහැරුණු අතර මෙවර ඇය අවසන් වටයේ තරග සඳහා සුදුසුකම්  ලබනු ඇතැයි බොහෝ විචාරකයින් අපේක්ෂා කරයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now