SKIP TO MAIN CONTENT

මෝරුන් දර්ශනය වීම හේතුවෙන් මෙල්බන් නුවර ජනප්‍රිය වෙරළ තීර තාවකාලිකව වසා දැමේ...ග්‍රීෂ්ම නිවාඩුවේ විනෝද වෙන්නේ ප්‍රවේසමින්...

Shark sightings force closure of St Kilda, Elwood and Fairhaven beaches
Source: Herald Sun

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

මෝරුන් බහුලව දර්ශනය වීම හේතුවෙන් අද (08/01) දිනයේ මෙල්බන් නුවර ජනප්‍රිය මුහුදු වෙරළ ද්විත්වයක් සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙරළ තීරයක් තාවකාලිකව වසා දැමුණු බව වාර්තා වේ.

මීටර් 1.5ක් පමණ දිගැති මෝරෙකු වෙරළ තීරයට ආසන්නව දැකීම හේතුවෙන් මෙල්බන් නුවර ජනප්‍රිය මුහුදු වෙරළ ද්විත්වයක් වන Elwood සහ St Kilda වෙරළ තීර අද දහවල් 12 ට තාවකාලිකව වසා දැමුණු අතර නැවත පස්වරු 1.30 ට විවෘත කෙරුණි.

එලෙස දර්ශනය වූ මෝරා කුමන විශේෂයකට අයත්දැයි තවම නොදන්නා බවද වාර්තා වේ.

මීට අමතරව මෝරුන් දෙදෙනෙකු දර්ශනය වීමෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ Fairhaven වෙරළ තීරය අද සවස 2 ට පමණ වසා දැමුණි.

ජීවිතාරක්ෂකයින් අද දහවලේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු බවද සඳහන්.

මේ දිනවල ඔස්ට්‍රේලියානු වෙරළ තීරවලට ආසන්නව මෝරුන් වැඩි වශයෙන් දිස් වන අතර Fairhaven වෙරළ තීරය ආසන්නයේ පසුගිය දිනවල පමණක් සුදු පැහැති විශාල මෝරුන් 6 දෙනෙකු දිස්වූ බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now