SKIP TO MAIN CONTENT

ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි එක් දින තරගය : ශර්මාගේ පිත්තෙන් ලංකාවට අන්ත පරාජයක්.

SL vs India 2nd ODI
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (13/12) චන්දිගාර් හිදී පැවති දෙවැනි එක් දින තරගයෙන් ලකුණු 141 ක් ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.

ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නොදැවී ලබා ගත් ලකුණු 208 ට සමග ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 කට ලකුණු 392 ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 393 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251 ක් පමණි.

එහිදී සිය දෙවැනි එක්දින ශතකය ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 111 ක් රැස් කළේය.

ලකුණු 5000 සීමාව පසුකිරීමට ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම කළ 10 වැනි ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා වේ.

මේ අනුව තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මේ වන විට  1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

දෙරට අතර තුන්වන සහ අවසාන එක් දින තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now