ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ෂෙමාරා වික්‍රමනායක Macquarie මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට (SBS සිංහල/ වාර්තා)

මෙම තනතුරට කාන්තාවක් පත් වූ ප්‍රථම වතාව මෙය වන අතර වසර 10කට ආසන්න කාලයක් Macquarie සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල Nicholas Moore එම තනතුරින් ඉවත් වීමට තීරණය කිරීමත් සමග ෂෙමාරා වික්‍රමනායක හට මෙම නව තනතුර හිමි වී තිබේ.

Macquarie CEO Shemara Wikramanayake is welcomed by her predecessor

Shemara Wikramanayake is congratulated by predecessor Nicholas Moore on becoming Macquarie Group CEO. Source: AAP

ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් දැවැන්ත මුල්‍ය සමාගම් සමුහයක් වන Macquarie සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ශ්‍රී  ලාංකික සම්භවයක් ඇති ෂෙමාරා වික්‍රමනායක පත් වී තිබේ.

Macquarie සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් පළමු කාන්තාව

a83edf18-9e3f-4c63-ad10-8d434f356209

මෙම තනතුරට කාන්තාවක් පත් වූ ප්‍රථම වතාව මෙය වන අතර වසර 10කට ආසන්න කාලයක් Macquarie සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල Nicholas Moore එම තනතුරින් ඉවත් වීමට තීරණය කිරීමත් සමග ෂෙමාරා වික්‍රමනායක හට මෙම නව තනතුර හිමි වී තිබේ.

මීට පෙර දැරූ තනතුරට ඩොලර් මිලියන 17ක වැටුපක්

ෂෙමාරා වික්‍රමනායක 1987 වසරේ Macquarie සමූහ ව්‍යාපාරයට සම්බන්ද වී ඇති අතර, වසර 10කට ආසන්න කාලයක් Macquarie Asset Management ආයතනයේ ප්‍රධානී ලෙස කටයුතු කලාය. Macquarie සමූහ ව්‍යාපාරයේ ආයතන ප්‍රධානීන් ඕස්ට්‍රේලියාවේ ඉතා ඉහල වැටුපක් හිමි විධායක නිලධාරීන් වන අතර මීට පෙර  ෂෙමාරා වික්‍රමනායක දැරූ තනතුර සදහා ඩොලර් මිලියන 17ක වාර්ෂික වැටුප් පැකේජයක් ඇයට හිමි වූ බව සදහන්. තවද Macquarie සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කල Nicholas Moore පසුගිය වසරේ තම වැටුප් ලෙස ඩොලර් මිලියන 19.7 ඉපයූ බව සදහන්.

ෂෙමාරා වික්‍රමනායකගේ පියා ශ්‍රී ලංකාවේ සිට මෙරටට සංක්‍රමණය වී ඇති අතර, ඇය මුලික පාසල් අධ්‍යාපනය හදාරා තිබෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර බව සදහන්. පසුව ඇය සිඩ්නි නුවර පදිංචියට පැමිණ ඇති අතර සිඩ්නි නුවර Ascham girl’s school හී පාසැල්  අධ්‍යාපනයේ නිරත වීමෙන් පසුව  University of New South Wales හී තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමාවට පත් කල බව සදහන්.

මේ වන විට 56 හැවිරිදි වියේ පසුවන Macquarie සමූහ ව්‍යාපාරයේ නව ප්‍රධාන විධායක නිලධාරී ෂෙමාරා වික්‍රමනායක මීට පෙර එම ආයතයේ විවිධ අංශ වල රටවල් හයක සේවය කර ඇති බව සදහන්.

සංක්‍රමණික පසුබිමක් ඇති කාන්තාවක් මෙවැනි ඉහල තනතුරකට පත් වීම විවිධ සංස්කෘතික පසුබිම වලින් පැමිණි ඉහල සුදුසුකම් ඇති කාන්තාවන්ට ලැබුණු පිළිගැනීමක් බව ඕස්ට්‍රේලියානු ප්‍රජා කවුන්සිල එකමුතුවේ ප්‍රධානී  Mary Patetsis සදහන් කරයි. විවිධ පසුබිම් වලින් පැමිණෙන පිරිස් ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ ආදී විධායක තනතුරු වලට පත් විය යුතු බව ඇය වැඩි දුරටත් සදහන් කරයි.


2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now