SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” ක්වීන්ස්ලන්ත සංවර්ධනයට Bill Shorten ගෙන් සැලැස්මක්

Bill Shorten
in Townsville, Saturday, June 25, 2016. Labor?s plan for Queensland includes a series of infrastructure projects to create jobs for the state. Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

විපක්ෂ නායක Bill Shorten  ක්වීන්ස්ලන්තයේ Townsville හි දී රැකියා උත්පාදනය පිලිබඳ ධනාත්මක සැලැස්ම ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු පවසන්නේ කම්කරු රජයක් විසින් ප්‍රාන්තයේ රැකියා සහ ප්‍රාන්තයේ ජීවන තත්වය ලබා දීමට කටයුතු කරන බවයි. ක්වීන්ස්ලන්තයේ මීළඟ පරම්පරාවේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය රැකියා ඇති කල හැකි යටිතල පහසුකම් ගොඩ නැගීමේ ව්‍යාපෘති මගින් ආධුනිකත්ව පුහුණු වැඩ සටහන් ද මගින් රැකියා උත්පාදනය කල හැකි බව ඔහු පවසනවා.

මේ සැලැස්මේ මුලික කරුණු

* Townsville සඳහා ඩොලර් මිලියන 100ක ප්‍රාන්ත රජය සමග එක්ව ගොඩ නගන ක්‍රීඩාංගනයක ආයෝජනය

*බ්‍රිස්බන් ගංගාව හරහා දුම්රිය මාර්ග ව්යාප්රුතියට ඩොලර් මිලියන 800ක් හා එමගින් රැකියා 8000ක් හා ආධුනික පුහුණු අවස්ථා 800ක්

*මාර්ග ආරක්ෂාව සඳහා ඩොලර් මිලියන 418ක් එමගින් රැකියා 1000ක් , උතුරු හා මධ්‍යම ක්වීන්ස්ලන්තයේ Gladstone වරාය මාර්ගය සඳහා ඩොලර් මිලියන 80ක් හා Walkerston අතුරු මාර්ගය සඳහා ඩොලර් මිලියන 150ක්

*වසර 5ක් තුල ඩොලර් මිලියන 500ක මහා බාධක කොරල් පරය රක ගැනීමේ වැඩපිළිවෙලක්


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now