"..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016.." කම්කරු පක්ෂයේ නායකත්වය තව දුරටත් Bill Shorten වෙත හිමි වේ

පක්ෂයේ Caucus කමිටුව නායකත්වය Bill Shorten ට ම ලබා දීමට සැරසේ

Labor caucus

Australian Opposition Leader Bill Shorten. Australian Treasurer Scott Morrison is handing down his first budget today. (AAP ImagARCHIVING Source: AAP

කම්කරු පක්ෂ නායක Bill Shorten තව දුරටත් පක්ෂ නායකත්වයට තේරී  ඇතත් සිකුරාදා (8 වැනිදා ) දිනයේ පක්ෂයේ caucas රැස්වීමක් මගින් එය සම්මත කර ගැනීමට කම්කරු පක්ෂය ක්‍රියා කර තිබේ. වසර 2013 දී Kevin Rudd  විසින් යෝජනා කොට කම්කරු පක්ෂය විසින් සම්මත කර ඇති පරිදි මැතිවරණයක් පරාජය වූ පසු පක්ෂයේ නායකත්වය නැවත සලකා බැලීමක් සිදුවේ. එසේ සිදු නොවුනහ්ත් එය පක්ෂයේ නීතිය කැඩීමක් වන බවට කම්කරු පක්ෂ ආරංචි මාර්ග AAP වෙත පවසා තිබෙනවා. බ්‍රහස්පතින්දා වන විට චන්ද ගණන් කිරීම අනුව සන්ධානයට ආසන 76ක් ලබා ගැනීමේ අවස්තාවක් ඇති බවට හෙළි වුනා. වසර 2013 දී Shorten මහතා සමග නායකත්වයට තරග වැදී Anthony Albanese මෙවර පක්ෂ නායකත්වයට ඉදිරිපත් වනු ඇති බව පැවසුනත් ඔහු එසේ නොකර Shorten මහතාට සුළු පක්ෂ හා සාකච්චා කිරීමට Caucus කමිටුව හරහා ඉඩ ලබා දෙන බවට සඳහන්.

මේ අනුව Caucus කමිටුව ඒකමතිකව 45 වැනි පාර්ලිමෙන්තුවේ කම්කරු පක්ෂ නායකයා වීමට Shorten මහතාට අවස්තාව ලබා දෙනු ඇති. මෙහිදී Shorten මහතා සුළු පක්ෂ වල සහය ලබා සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳවද සාකච්චා කෙරෙනු ඇති. කමිටුවේ නාම යෝජනා සිකුරාදා සිට ලබන සිකුරාදා තෙක් විවුර්තව පවතී.

මෙවර පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනට වාමාංශික නව නායකකුඩා අවශ්‍ය වී ඇත්තේ දක්ෂිනාංශික නියෝජිතයන්ගේ විශ්රාම ගැනීමත් වාමාංශික මන්ත්‍රීවරුන්ගේ ජයග්‍රහණයත් නිසා.

ටස්මෙනියාවේ සෙනට් සභික Helen Polley twitter පණිවිඩයකින් පවසා ඇත්තේ ප්‍රථම Caucus සාකච්චාවට Shorten පිටුපස කම්කරු පක්ෂය එක්වී ඇති බවයි. විපක්ෂ භාණ්ඩාගාරික Chris Bowen පවසන්නේ ත් කම්කරු පක්ෂය ශක්තිමත් හා එකාබද්ධ තත්වයක සිටින බවයි.


2 min read

Published

Updated

By Charitha Adikari

Source: AAP



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now