ජුලි 2 මැතිවරණය කම්කරු පක්ෂය ජයග්‍රහණය කලොත්, රජයේ රෝහල් වලට අමතර ඩොලර් බිලියන 2ක් ලබා දෙන බව Bill Shorten පවසයි.
ඊයේ Townsville හි මෙම සැලැස්ම හෙළි කරමින් ඔහු කියා ඇත්තේ නැවත වසර 2011 ප්‍රාන්ත හා Territory සමග තිබු එකඟතාවය වෙත යන බවයි. එහිදී National Health Reform Agreement නම් වූ එකන්ගතාවය වසර 4ක් පුර ක්‍රියාත්මක කර ඉන් පසු සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ කමිටුවක නිර්දේශ මත ප්‍රාන්ත සමග නව ගිවිසුමකට එළබෙන බව ඔහු පවසනවා.
වසර 4 තුල මෙම මුදල ඩොලර් බිලියන 4.9ක් වන අතර එය සන්ධානය පොරොන්දු වූ අගයට වඩා බිලියන 2ක් වැඩි .
එමගින් හදිසි සේවා ප්‍රතිකාර කාලය ඉක්මන් කිරීම හා ශල්‍ය කාර්ම සඳහා බලා සිටීමේ කාලය ඉක්මන් කිරීම සිදු වේ. එසේම කම්කරු පක්ෂය ඩොලර් මිලියන 100ක ප්‍රාථමික සෞඛ්‍ය සේවා Your Family Doctor නම් වූ වැඩසටහනක් ද අරබන බව පවසයි. එය සන්ධානයේ මිලියන් 21 ,Health Care Comes Home වැඩ සටහනට සමානයි.
මේ අනුව රෝගීන්ට GP වෙඉද්යවරයෙකු තම සෞඛ්‍ය නිවාස ලෙස පත් කොට ගෙන සියලු සෞඛ්ය් සේවා සම්බන්දීකරනය කොට, එම සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිපල අනුව ගෙවීම් කිරීම මෙහිදී සිදුවේ. Shorten මහතා පවසන්නේ රෝහල් සැලැස්ම තුලින් පලදායී ආර්ථිකයක් හා නිරෝගී රටක් බිහි වන බවයි. මෙම සැලැස්ම තුලින් රෝහල්, වෙඉද්යවරු හා හෙදියනටම පීඩනය එල්ල වීම අඩු වන බවත් ඔහු පවසනවා. මීට පෙර සැලැස්ම අනුව ප්‍රාන්ත වලට ප්‍රතිපාදන ලබා දුන්නේ ඔවුන්ගේ සේවාවන් වලට අනුවයි. ස්වාධීන ආයතනක් මගින් නිර්ණය කරන National Efficient Price නම් අගයකට යටත්වයි ඒ. ඒ අනුව වියදම් සඳහා 50%ක් ගෙවීමට එකගතාවයක් තිබිණ.
එමගින් සාමාන්‍ය රෝහල් වියදම් ඩොලර් 125කින් අඩුවී ඇති බව කමක්රු පක්ෂය පවසනවා. Abbot රජය විසින් එම ක්‍රමය ඉවත් කොට 2017 සිට උධ්ධමනය හා ජනගහන වර්ධනය අනුව ප්‍රතිපාදන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කලා.
නමුත් Turnbull රජය විසින් activity-based funding ක්‍රමයට නැවත ප්‍රාන්ත රෝහල් වලට අමතර ඩොලර් බිලියන 2.9ක් ලබා දීමට කටයුතු කලා.

