ජුනි 05 යනු ලෝක පරිසර දිනයයි.
දේශගුණික විපර්යාසය, ඒ විපර්යාස මැඩලීම, කාබන් විමෝචනය ශුන්‍ය කිරීම මෑත කාලීන ඔස්ට්‍රේලියාවේ බහුලව සාකච්ඡා කෙරෙන මාතෘකා වී තිබේ.
ඒ අතරින් ඇඳුම් ඇතුළු අනවශ්‍ය රෙදිපිළි ද ඔස්ට්‍රේලියාවේ දැවැන්ත පරිසර හානියක් සිදුකරන එක් ;ප්‍රධාන සාධකයක් වී ඇති බව ඔබ දන්නවාද?
ඔස්ට්‍රේලියාවේ සෑම වසරකම ඇඳුම් ඇතුළු අනවශ්‍ය රෙදිපිළි ටොන් 800,000කට වැඩි ප්‍රමාණයක් ඉවතලන අතර ඉන් වැඩි ප්‍රමාණයක් අප ද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලැබේ.
මේ හේතුවෙන් දැන්, ඔස්ට්‍රේලියාවේ රෙදි පිළි කර්මාන්තය එම අර්බුදය විසඳීම පිණිස නිහඬ විප්ලවයක් කිරීමට සූදානම්ව සිටී.

ඔස්ට්‍රේලියාවේ අනවශ්‍ය රෙදිපිළි නාස්තිය අවම කිරීමට නව ව්‍යාපෘතියක්
ඇඳුම් මෝස්තරකරණයේ සිට එය භාවිත කර ඉවත දමන තෙක් රෙදිපිළිවල නාස්තිය පාලනය කිරීම අරමුණු කරගත් මෙම නව ජාතික ක්‍රියාවලිය ජුනි 07 වනදා දියත් කිරීමට නියමිතය.
සාමාන්‍යයෙන්, සෑම ඔස්ට්‍රේලියානුවෙක්ම සෑම වසරකම අලුත් ඇඳුම් 56ක් හෝ කිලෝග්‍රෑම් 15ක් මිලදී ගනී.
ඒවායින් බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි හෝ නොකළ කෘතිම ද්‍රව්‍ය වලින් සාදා ඇත.
ඔස්ට්‍රේලියානු විලාසිතා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි Leila Naja Hibri පවසන පරිදි ඕස්ට්‍රේලියානුවන් දේශීයව නිෂ්පාදනය කරන ලද සහ සෑම වසරකම ආනයනය කරන ලද ඇඳුම් බිලියන 1.5 න් අඩක් පමණ කුණු ගොඩවල් වෙත බැහැර කරයි.
"අපගේ රෙදිපිළි කර්මාන්තය එහි සමාජීය හා පාරිසරික බලපෑම අනුව තීරණාත්මක ස්ථානයක පවතින්නේ," Leila Naja Hibri පැවසුවාය.
නව National Clothing Stewardship Scheme හෙවත් ජාතික ඇඳුම් භාරකාරත්ව යෝජනා ක්‍රමය සැලසුම් කර ඇත්තේ එම ගැටලුව විසඳීම සඳහා වන අතර එය ජුනි 07 වනදා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පරිසර අමාත්‍ය Tanya Plibersek විසින් දියත් කිරීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ ඇඳුම් සඳහා 2030 දක්වා මාර්ග සිතියමක් ලබා දෙමින් රෙදිපිළි සැලසුම් කිරීම, ප්‍රතිසාධනය කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය වැඩිදියුණු කිරීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණ වේ.
එය 2024 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
සහභාගී වන සන්නාමයන් සෑම ආනයනික භාණ්ඩයක් සඳහාම ශත හතරක පමණ ගාස්තුවක් ගෙවනු ඇති අතර, ඔවුන්ගේ ඇඳුම් නිර්මාණ ප්‍රතිචක්‍රීකරණය කිරීමට පහසු නම්, වට්ටමක් ලබා දීමට ඉඩ ඇත.

රෙදිපිළි ප්‍රතිචක්‍රීකරණය
BlockTexx හි සම-නිර්මාතෘ වන Adrian Jones ඔස්ට්‍රේලියාවේ පළමු මහා පරිමාණ රෙදිපිළි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ක්වීන්ස්ලන්තයේ Logan හි පවත්වාගෙන යන අතර එය මේ වසරේ පෙබරවාරි මාසයේදී විවෘත කරන ලදී.
මෙම රෙදිපිළි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වානිජ හවුල්කරුවන්ගෙන් සහ ප්‍රජාවෙන් රෙදිපිළි ලබා ගෙන පසුව පොලියෙස්ටර් සහ කපු මිශ්‍ර නැවත අලෙවි කළ හැකි සංරචක බවට බිඳ දමන අතර ඒවා සංසරණයෙන් සහ අප ද්‍රව්‍ය ලෙස පසට එක් කිරීමෙන් වළකයි.
"පොලියෙස්ටර් සහ කපු මිශ්‍ර කළ විට දිරාපත් වීමට වසර 200 කට වැඩි කාලයක් ගත විය හැකියි" Adrian Jones පැවසීය.
"අදාළ වියෝජන ක්‍රියාවලියේදී, රෙදිපිළිවලට මීතේන් වැනි බොහෝ හානිකර වායූන් නිපදවිය හැකි අතර අනෙකුත් රසායනික ද්‍රව්‍ය පසට කාන්දු විය හැකි අතර පාරිසරික හානියක් සිදුවිය හැකියි." යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර Thread Together වැනි පුණ්‍යායතන මඟින් අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීමට සූදානම් වන අලෙවි කිරීමට නොහැකි වූ නව ඇඳුම් අවශ්‍යතා ඇති අයට බෙදා හරිනු ලැබේ.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ඇඳුම් නිසා සිදුවන කාබන් විමෝචනය තවමත් වසරකට ටොන් මිලියන 13ක් තරම් ඉහළ අගයක් ගනී.

ආසියාව සහ අප්‍රිකාව ඇතුළු නැගී එන වෙලඳපොලවල් විසින් මෙහෙයවනු ලබන ගෝලීය වශයෙන් නව ඇඳුම් අලෙවිය වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
අපේක්ෂිත පරිදි ඉල්ලුම ඉහළ ගියහොත්, 2050 දී මුළු ඇඳුම් අලෙවිය ටොන් මිලියන 160 දක්වා ළඟා විය හැකිය.
එය වර්තමාන ප්‍රමාණය මෙන් තුන් ගුණයක වැඩි වීමකි.
එහෙත් ලොව පුරා ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ සියලුම ඇඳුම් වලින් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයකි.

