SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර තවත් අවන්හලකින් කොරෝනා පොකුරක් නිර්මාණය වන ලකුණු

Social distancing signage is seen at the Thai Rock restaurant at Stockland Wetherill Park Shopping Centre in Sydney, Thursday, July 23, 2020
Thai Rock restaurant at Stockland Wetherill Park Shopping Centre in Sydney Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සිඩ්නි නුවර අවන්හල් කිහිපයක්ම කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇති බවට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ දන්වා සිටියි.

ඒ අනුව එම අවන්හල් වෙත ගිය ඇතැම් පාරිභෝගිකයින් හට රෝග ලක්ෂණ නොතිබුණද කොරෝනා පරීක්ෂාව සිදුකර ස්වයං නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දන්වා තිබේ.

සිඩ්නි කලාපයේ Potts Point හි පිහිටි Thai Rock අවන්හලේ සේවකයෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම දැනුම් දීම සිදු කෙරිණි.

මීට පෙර Wetherill Park හි පිහිටි Thai Rock අවන්හල ආශ්‍රිතව මේ වන විට ආසාදිතයින් 67 දෙනෙකු රැගත් විශාල කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබේ.

මෙම අවන්හල් ද්විත්වයම එක් හිමිකරුවෙකුගේ වන නමුත් අවන්හල් දෙකේ කොරෝනා පැතිරීම පිළිබඳ සම්බන්ධය තවමත් නිශ්චිත වශයෙන් සොයාගෙන නොමැත.

ඒ අනුව ජූලි 15 සිට ජූලි 25 දක්වා Potts Point හි පිහිටි Thai Rock අවන්හලට ගොස් පැය දෙකකට වඩා ගත කළ සියලුම පාරිභෝගිකයින්ට වහාම කොරෝනා පරීක්ෂාව සිදුකර ස්වයං නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දන්වති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now