නිහඬ මාරයා : ඕස්ට්‍රේලියාවේ මේ ග්‍රීෂ්ම කාලයේ අධික උණුසුම හා සමේ ආරක්ෂාව පිළිබද ඔබ දැනුවත් විය යුතු කරුණු

මෙවර වාර්තා ගත ලෙස ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටින්නේ උණුසුම වැඩිම ග්‍රීෂ්ම කාලයකටයි. La Niña තත්වය නිසා උණුසුම වැඩි කාලයේ වර්ෂාව ලැබුනද ඕස්ට්‍රේලියානු කාලගුණ දෙපාර්තමේන්තුව මේ උෂ්ණත්වය ඉහල යාම වැඩි වීම දිගු කලක් පවතින බව වාර්තා කොට තිබේ.

boy jumping in a pool

boy jumping in a pool Source: Getty Images

මේ නිසා එළිමහනේ හෝ ගෘහස්තව අධික උනුසුමෙන් ආරක්ෂා විය යුතු වේ.

කාලගුණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය Andrew Watkins පවසන්නේ මෙම වසරේ උෂ්ණත්වය වසර 2019 ග්‍රීෂ්ම කාලය තරම් උණුසුම් නොමැති වුවද ආද්‍රතාවයෙන් වැඩි දීර්ග එකක් විය හැකි නිසා ජනතාවගේ සෞඛ්‍යට බලපාන බවයි.

bushwalking Australia
Source: Getty Images

දකුණු ඕස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානයේ ප්‍රාන්ත හදිසි සේවා කළමනාකරු Nick Banks පවසන්නේ ඕස්ට්‍රේලියාවේ heatwave තත්ත්ව නිසා අනෙක් ස්වාභාවික ව්‍යසන වලට වැඩි පිරිසක් මිය ගොස් ඇති නිසා දරුවන්, ගැබිණි මව්වරු, වැඩිහිට්යන් හා වෙනත් සෞඛ්‍ය තත්ත්ව හෝ ආභාධ ඇති පුද්ගලයින්  වැඩි අවධානමකට ලක් වන බවයි.

ඒ නිසා එවන් පුද්ගලයින් සිටින නිවෙස් වලට යම් ආකාරයක සෙවන සැපයීම, ඔවුන්ට දුරකථන ඇමතුමක් දී සුව දුක් විමසීම වැදගත් වේ. එසේම ඔවුන් වැඩිපුර ජලය පානයද වැදගත් වේ.
එසේම ඔබ උණුසුම් දින වලදී විජලනය වැලක්වීමට ජලය පානය කල යුතු වේ . තේ, කොපි , මත් පැන් හෝ පැණි බීම ඒ සදහා එතරම් සුදුසු නොවේ Image
මෙල්බන් නුවර Royal Children’s Hospital රෝහලේ අධ්‍යක්ෂක වරයෙකු වන වෛද්‍ය Warwick Teague පවසන්නේ heat stroke තත්වය මාරාන්තික බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන ලෙස.
හර්ද ස්පන්දනය වැඩි වීම, නාඩි වේගවත් වීම,හුස්ම ගැනීමේ පහසුව හා මොලය ක්‍රියාකාරී නොවීම නිසා කතා කිරීමේ අපහසුව ආදී ලක්ෂණ ඇති විය හැකියි. එසේම සමහරුන්ට චලනය වීම අපහසු වන අතර ව්‍යාකුල තත්වයට පත් වීම හෝ වලිප්පුව වැනි රෝග ලක්ෂණද ඇති විය හැකියි
වෛද්‍ය Warwick Teague පවසන්නේ එවන් විටක ගිලන් රථය පැමිණෙන තුරු ඔවුන් සිසිල් ස්ථානයකට යොමු කිරීම, සිසිල් ජලය මදක් ලබා දීම කල හැකියි . නමුත් අධික ශීතල ජලය ලබා දිය යුතු නොවේ . ඔවුන්ගේ සිරුර සිසිල් කිරීමට තත sponge භාවිතය හෝ තද ඇඳුම් ඉවත් කිරීම කල හැකියි .

ක්වීන්ස්ලන්තයේ Cancer Council  හි ප්‍රධානී  Chris McMillan පවසන්නේ අධික උෂ්ණත්වය ඇති විටදී Sunsmart පිළිවෙත් අනුගමනය කරන ලෙස .

පාර ජම්බුල කිරණ (UV ) හා අධික උෂ්ණත්වය අතර සම්බන්ධයක් නොමැති බව බොහෝ දෙනෙකු සිතුවත් level 3 ඉහල පාර ජම්බුල කිරණ ඇති විටදී සමට හානි විය හැකි අතර එය වසර ගණනක් සිදු වන විට සමේ පිළිකා පවා ඇති විය හැකි බව ඔහු පවසයි.
flip flops australian flag beach towel
Source: Getty Images/Tracey Dee
ඔස්ට්‍රේලියාව තුල වසරකට මෙලනෝමා රෝගීන් 11500ක් පමණ වාර්තා වේ . එය ලෝකයේ වැඩිම අගය වේ.

වයස අවු. 70 වන විට කුමන ආකාරයේ සමක් හිමි වුවද ඕස්ට්‍රේලියානුවන් 3 දෙනෙකුගෙන් දෙදෙනෙකුට සමේ පිළිකා ඇති වන බව වාර්තා වේ. Mcmillan පවසන්නේ sunsmart පිළිවෙත ලෙස හැඳින්වෙන slip, slop, slap, seek, and slide පිළවෙත් අනුගමනය කරන ලෙස.

අත් දිග ඇඳුම්  ඇදීම,පිටතට යාමට මිනිත්තු 20කට පෙර sunscreen ආලේප කිරීම, අව් කන්නාඩි  පැලදීම කල යුතුයි . හිරු කිරණ මගින් ඇස් වලටද හානි විය හැකි නිසා අව් කන්නාඩි  පැලදීම ඉතා වැදගත්.

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි ප්‍රතිකාර අංශ මගින් වසර 2018-2019 සමයේ වාර්තා වී ඇත්තේ දැඩි හිරු රශ්මිය නිසා පිලිස්ස්සුම් ඇති වන පිරිස   අඩක් පමණ කුඩා දරුවන් බවයි . වෛද්‍ය  Warwick Teague පවසන්නේ එසේ දරුවන්ගේ සම සිනිදු බැවින් ඔවුන් අව් රශ්මියට නිරාවරණය වු විට ඔවුන් උෂ්ණත්වයට ඉක්මනින් නිරාවරණය වන බව. එසේම ඔවුන් වැඩිහිටියන්ගේ අනුදැනුම නොමැතිව දියර පානය කිරීමද නොකරන නිසා කුඩා දරුවන් රෝහල් ගත වීම වැඩි වී තිබේ .

 වෛද්‍ය  Warwick Teague පවසන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් සම පිළිස්සීම විය හැකි නිසා දිගු කාලයක් හිරු  එලියට නිරාවරණය වන විට පැය 2ට වරක් sunscreen ආලේප කළයුතු වේ.

Sunsmart තොරතුරු සදහා Cancer Council වෙබ් අඩවියට යොමු වන්න 

UV කිරණ පිළිබද තොරතුරු - BOM / SunSmart   වෙබ් අඩවියට යොමු වන්න

හදිසි අවස්තාවකදී 000 අමතන්න  


Share

Published

Updated

By Amy Chien-Yu Wang, Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service