කොරෝනා වසංගතය හමුවේත් ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ බලාපොරොත්තු වුවාට වඩා වර්ධනයක් : ජුනි 3දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අද - ජුනි මස 3 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කියවන්න

Josh Frydenberg

Source: AAP

Highlights

  •  ඕස්ට්‍රේලියානු ආර්ථිකය අපේක්ෂිත අගයට වඩා වේගයකින් වර්ධනය වෙමින් පවතින බව රජය පවසයි
  • මෙල්බර්න් හි වැඩිහිටි සේවා නිවාසයක දෙවන කොරෝනා ආසාධිතයෙකුද වාර්තා වී තිබේ 
  • ශ්‍රී ලංකා බටහිර වෙරල ආශ්‍රිතව ගිනි බත් වෙමින් පැවති  නෞකාව ගිලීම 
  • ඊයෙත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාධිතයින් 2568ක්  වාර්තා වී ඇති අතර මරණ 43ක් වාර්තා වී තිබේ
  • ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු ලෙස පත් වේ 
  • ඊශ්‍රායල විරුද්ධ පක්ෂ එක්ව සන්ධාන රජයක් පිහිටුවීමට එකග වී තිබේ

 

මෙල්බර්න් හි වැඩිහිටි සේවා නිවාසයක දෙවන කොරෝනා ආසාධිතයෙකුද වාර්තා වී තිබේ 

මෙල්බර්න් හි වැඩිහිටි සේවා නිවාසයක දෙවන නේවාසික කොරෝනා ආසාධිතයෙකුද වාර්තා වී තිබේ . මෙල්බර්න් හි මේඩ්ස්ටෝන් Arcare නිවාසයේ සිටි 89 හැවිරිදි මෙම පුද්ගලයා මීට පෙර එම නිවාසයේ වාර්තා වූ ආසාධිතයාගේ ආශ්රිතයෙකු බවට වාර්තා වේ.

මෙම පුද්ගලයා මීට පෙර වාර්තා වූ ආසාධිතයාගේ යාබද කාමරයක සිටි අතර ඔහුව රෝහලට මාරු කරන බව Arcare ආයතනය පවසයි.මේ අතර මෙල්බන් නුවර ගත වූ පැය 24 තුල අලුතින් කොරෝනා ආසාධිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම නේවාසික වැඩිහියාද එයට අයත් වේ.

 ඕස්ට්‍රේලියානු ආර්ථිකය අපේක්ෂිත අගයට වඩා වේගයෙන් වර්ධනය වේ 

ඕස්ට්‍රේලියානු ආර්ථිකය අපේක්ෂිත අගයට වඩා වේගයකින් වර්ධනය වෙමින් පවතින බව රජය පවසයි. මාර්තු කාර්තුවේ ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධනය අපේක්ෂිත 1.8%කට වඩා වැඩි බවට වාර්තා වේ. එසේම පසුගිය මාර්තු සිට මේ වසරේ දක්වා වර්ධනය 1.1%ක් බවද එය අපේක්ෂිත අගයට වඩා වැඩි බවද සදහන්.
මෙම වර්ධනය සදහා පෞද්ගලික ව්‍යාපාර ආයෝජන , දේපල ආයෝජන හා නිවෙස් වල වියදම් ද අයත් වේ.

රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg පවසන්නේ වසන්ගතය මධ්‍යයේ වුවත් රටේ ආර්තිකය වර්ධනය වෙමින් පවතින බවයි.

 ශ්‍රී ලංකා බටහිර වෙරල ආශ්‍රිතව ගිනි බත් වෙමින් පැවති  නෞකාව ගිලීම 

 ශ්‍රී ලංකා බටහිර වෙරල ආශ්‍රිතව ගිනි බත් වෙමින් පැවති  නෞකාව ගැබුරු මුහුදට ඇදගෙන යාම එම නෞකාව ගිලී යාම ආරම්භ ඊම නිසා අතහැර දැමීමට සිදුවී තිබේ. මෙය ශ්‍රී ලංකාව ආශ්‍රිත දරුණුතම සාගර අනතුර ලෙස වාර්තා වේ. සිංගප්පුරුවේ ලියාපදිංචි MV Xpress Pearl නම් වන මෙම නෞකාව කන්ටේනර් 1500ක් පමණ පරිවහනය කරමින් සිටි අතර එහි න්‍ය්ට්‍රික් අම්ලය ද ටොන් 25ක් පමණ පවතී බව සදහන් වේ. රසායන ද්‍රව්‍ය අඩන්ගු බහාලුම් ගිනිබත් වූ හෙයින් මෙම ගින්න නිවා දැමීමේ උත්සාහයන් අසීරු වී තිබේ. මෙම නෞකාවෙන් ටොන් ගණනක ප්ලාස්ටික් කැබලි ශ්‍රී ලංකා වෙරල තීරය අපවිත්‍ර කොට ඇති හෙයින් ලංකාව දරුණුතම පාරිසරික හානියකට මුහුණ දී ඇති බව විශේශඥයන් පවසයි.

මේ  අතර ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබු සංචරණ සීමා ජුනි 7 වැනිදා අවසාන කිරීමට සැලසුම් කර තිබුනද , එම සීමා ජුනි 14 වැනිදා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කොට තිබේ.  ඊයෙත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාධිතයින් 2568ක්  වාර්තා වී ඇති අතර මරණ 43ක් වාර්තා වී තිබේ . ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආශ්‍රිත මාරන සංඛ්‍යාව 1527ක් දක්වා වැඩි වී තිබේ.

ඊශ්‍රායල විරුද්ධ පක්ෂ එක්ව සන්ධාන රජයක්

ඊශ්‍රායල විරුද්ධ පක්ෂ එක්ව සන්ධාන රජයක් පිහිටුවීමට එකග වී තිබේ. ඒ අනුව වසර 12ක ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin netanyahu ගේ පාලනය අවසන් වේ. සති ගණනක සාකච්චා වලින් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර Yesh Ahteed පක්ෂය මුලිකව කුඩා අරාබි පක්ෂයක් වන Raam පක්ෂයේද සහය සහිතව මෙම රජය පිහිටුවා තිබේ. ඊශ්‍රායල මැතිවරණයෙන් මාස 2කට පසු පක්ෂ 8ක් මේ සම්බන්ධව සාකච්චා කොට මෙම රජය පිහිටුවීමට කටයුතු කර තිබේ.

හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු ලෙස පත්කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවෙදනය  කොට තිබේ. ජුනි පළමුවැනිදා සිට මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ඔහු පුහුණුකරු තනතුරේ කටයුතු කරනු ඇති. ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින කාන්තා ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම මේ අනුව ඔහුට පැවරී තිබේ.   

 

පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 3 වන දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි


      


Share

Published

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service