SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සිදුවූ 6 වන කොරෝනා මරණයත් වාර්තා වේ

Coronavirus
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

86 වියෙහි පසුවූ එම පුද්ගලයා සිඩ්නි වැසියෙකු වූ අතර ඊයේ (17/03) රාත්‍රියේදී ඔහු සිඩ්නි රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තාවේ.

මේ අනුව දැනට ඔස්ට්‍රේලියාවේ සිදුවී ඇති කොරෝනා මරණ හයෙන් 5 ක්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඉතිරි මරණය වාර්තා වුයේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙනි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත පිරිස 267 ක් දක්වා ඉහළ නැග තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now