SKIP TO MAIN CONTENT

ඉන්දියාවට එරෙහිව එක් දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. චන්දිමාල් ඉවතට.

SL announces squad for ODIs against India.
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ 20-20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජූලි මාසයේදී පැවැති එක්දින තරගාවලියේදීද චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ඉනිම් 4 ක් ක්‍රීඩා කළ චන්දිමාල්ට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවන් 5 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනෙක්, දඟ පන්දු යවන්නන් සිවු දෙනෙක් සහ වේග පන්දුයවන්නන් තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

ටෙස්ට් තරගාවලයට සහභාගි වූ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සහ වේග පන්දුයවන විෂ්ව ප්‍රනාන්දු පළමු වරට එක්දින සංචියට කැඳවා ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරාද කලකට පසු නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

මේ අතර විවිධ ආබාධ තත්ත්වයන්ට ලක්ව සිටීම හේතුවෙන් අසේල ගුණරත්නට, කුසල් ජනිත් පෙරේරාට සහ නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී ඇත.

උපුල් තරංග මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර තවමත් කණ්ඩායට උප නායකයකු නම් කර නොමැත. තම කණ්ඩායම සමබන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන ලෙස තරගාවලිය ආරම්භ වීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් තරංග කියා සිටියි.

ශ්‍රී ලංකා සංචිතය

උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ විෂ්ව ප්‍රනාන්දු.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now