ශ්‍රී ලංකා යුධ හමුදාපතිට තරු හතරේ ජනරාල් පදවියක්.

SL Army Commander promoted as a 4 star General.

Source: Ada Derana

ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ ඩබ්ලිව් ජේ ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් පත් කරනු ලැබ තිබේ.

 

මේජර් ජනරාල්වරයකු ලෙස සිටි ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 2015 පෙබරවාරි මස 22 දෙවැනි දා  හමුදාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසු ලුතිනන් ජනරාල් ධුරයට උසස් විය. 

මේ වන විට සේවා දිගු තුනක් ලබා සිටින ඒ මහතාගේ සේවා කාලය තවත් මාස කිහිපයකින් අවසන් වීමට නියමිතය.

 

යුද හමුදා පති ධුරයේ සිටිය දී තරු හතරේ ජනරාල් තනතුරට උසස් කෙරුණු පළමු වැන්නා වූයේ හිටපු යුද හමුදාපතිවරයකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ය.


1 min read

Published

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now