SKIP TO MAIN CONTENT

අසේලට සහ සීකුගේ ට යුද හමුදාවෙන් උසස් වීම්.

SL Army promotes Asela and  Seekkuge
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක දෙපළක් වන සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න යන දෙපළගේ නිළයන් උසස් කිරීම අද (01/03) පෙරවරුවේදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කර තිබේ.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 1 තනතුර සඳහා උසස් කර තිබෙන බව වාර්තා වන අතර මෙය සෙසු නිළයකට යා හැකි ඉහළම තනතුර බවද සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 2 තනතුර දක්වා උසස් කර තිබේ.

මොවුන් දෙපළම පසුගිය ක්‍රිකට් සංචාර ද්විත්වයෙහි දැක්වූ දක්ෂතා ඇගයීමක් වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම තීරණය ගෙන තිබෙන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now