SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරඟය : ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයගනී.

SL beat Zimbabwe by four wickets in one-off test
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ප්‍රථම හා එකම ටෙස්ට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව අවසාන දිනය වන අද (18/07) දිනයේ සමත් විය.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සිය පළමු ඉනිම සඳහා ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 356 ක් රැස් කළ අතර දෙවන ඉනිම සඳහා ලකුණු 377 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකණු 346 ක් රැස් කරගත්තේය.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් උපුල් තරංග ලකුණු 71 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 55 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41ක්ද අසේල ගුණරත්න ලකුණු 45 ක් ද  ලබා ගත්තේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 391 ක් ලබා ජය සටහන් කළේය.

ශ්‍රී ලංකා පිළේ දෙවැනි ඉනිම වෙනුවෙන් අසේල ගුණරත්න නොදැවී ලකුණු 80 ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 80, කුසල් මෙන්ඩිස් ලකුණු 66 සහ දිමුත් කරුණාරත්න ලකුණු 49ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්න හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය රංගන හේරත් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now