SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඉල්ලා අස්විය යුතුයි. අර්ජුනගෙන් සැර ප්‍රකාශයක්.

SL Cricket Chairman should resign: Arjuna
Source: Asian Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොකඩවාම මුහුණදෙන තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

ශ්‍රී ලංකා පිළ ඉදිරියේ දී මුහුණදෙන තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. 

ඊයේ (15/08) පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රණතුංග මහතා මෙම අදහස් පළ කළේය.

“වර්තමාන කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නරකම කාලයයි. වැරදි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලනය කරන විට රටේ ක්‍රිකට් මේ තත්ත්වයට පත්වන බව මම අවුරුදු  2ක් තිස්සේ කියනවා.” යනුවෙන් අර්ජුන රණතුංග මහතා එහිදී පැහැදිලි කළේය.

මෙම පරාජයන්ට කිසිසේත් ක්‍රීඩකයින්ට පමණක් දොස්  නැගිය නොහැකි බවත් වර්තමානයේ ලාංකීය ක්‍රීඩකයෝ මානසිකව ඇඳ වැටී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එනිසා පවතින තත්ත්වය හමුවේ ලාංකීය ක්‍රීඩකයින්ගේ මනස සෑදිය යුතු බවත් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු නිවැරදිද යන්න පිළිබඳ අවධාණය යොමු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now