SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජනපති මෛත්‍රී උපහාර තිළිණ පුදයි.

SL Cricketers awarded by President Maithree.
Source: Sri Lanka Cricket

2 min read

Published

By Madhura Seneviratne

Source: Sri Lanka Cricket



Skip to article content

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ 2016 – 2017 වසරවල දස්කම් දැක් වූ ක්‍රීඩකයන් හට උපහාර හා තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (02/04) ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

මේ අතර ජනාධිපතිවරයා සහ ක්‍රීඩකයින්, ක්‍රිකට් බලධාරීන් අතර කෙටි සාකච්ඡාවක්ද එහිදී පැවැත්විණි.

ජනාධිපතිතුමා එහි දී ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුනගේ බිරින්දෑවරුන් හා දෙමාපියන් පෞද්ගලිකවම වෙන වෙනම මුණ ගැසී කතාබහ කරමින් සුවදුක් විමසා ඔවුනට සුබ පැතුම් පිරිනැමීය.

මෙදින ජනාධිපතිතුමන් හමු වූයේ ගිය වසරේ ටෙස්ට් තරග 3 – 0 කින් ඕස්ට්‍රේලියාව මෙහි දී පරාජය කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයේ දී ටෙස්ට් තරග දෙක සහ තුන්කොන් එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ 20 – 20 තරගාවලියන් දෙක ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම් සහ එංගලන්තයේත් දකුණු අප්‍රිකාවේදීත් ජයග්‍රහණ රැසක් අත්කරගත් ලංකා 19න් පහළ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෝය. 

එම තරගාවලියන් හි දී ලංකා ක්‍රීඩකයන් පෑ දස්කම් සහිත වීඩියෝ පටයක් ද මෙහි දී ජනාධිපතිතුමා විසින් නරඹන ලදී.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂාරියා ඛාන් බංග්ලදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. හසන් යන මහත්වරු හා එම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගිව සිටියහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now