GSP+ නැවත ලබා ගන්න යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට කොන්දේසි 58 ක් පනවයි. (SBS සිංහල/වාර්තා)

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම මෙම කොන්දේසි අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බව සඳහන් වන අතර ඒ සඳහා නව නීති කෙටුම්පතක් ගෙන එන ලෙස උපදෙස් ලැබී තිබේ.

SL Government gives the nod to 58 EU conditions to regain GSP+

Source: Sri Lanka

ශ්‍රී ලංකාව නැවත GSP+ බදු සහනය ලබා ගැනීම උදෙසා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පැනවූ  අහිතකර සහ අනර්ථකාරී කොන්දේසි 58 කට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම GSP+ සහනය නැවත ලබා ගැනීමේ අරමුණින් ගිවිසගත් කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව යුරෝපා සංගමයට  දැනුම් දීමට යන බවද වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම මෙම කොන්දේසි අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බව සඳහන් වන අතර ඒ සඳහා නව නීති කෙටුම්පතක් ගෙන එන ලෙස උපදෙස් ලැබී තිබේ.

එම නව නීතියට අනුව රැඳවුම් භාරයේ සිටින සියලු LTTE රැඳවියන්ට විරුද්ධව ඇති නඩු අවලංගු කිරීම, LTTE සාමාජිකයින්ව පුනරුත්ථාපනය කිරීම නැවත්වීම, මෙම රැඳවියන්ගේ හිමිකම් ස්ථාපනය කිරීම උදෙසා අපරාධ නීතිය සඳහා සංශෝධන ගෙන ඒම, මහජන ආරක්ෂාව පිළිබඳ නීති කෙටුම් පත සමාලෝචනය කිරීම, අතුරුදහන් වුවන් පිළිබඳ සොයාබැලීම සඳහා වෙනමම කාර්යාලයක් ස්ථාපනය කිරීම, 2017 – 2021 කාලය සඳහා නව මානව හිමිකම් ක්‍රියාකාරකම් සැලසුමක් හඳුන්වා දීම, ත්‍රස්තවාදීන් ලෙස නම් කළ දෙමළ සංවිධාන සහ පුද්ගලයින් පිළිබඳ නැවත විමර්ශනය කිරීම යන දෑ සිදු කරන බවට ශ්‍රී ලංකා රජය සංගමයට  පොරොන්දු වී තිබේ.  

ඒ අතරට දැනට ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කළ 8ක් සහ පුද්ගලයින් 86 දෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.

මීට අමතරව FCID, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් මෙහෙයවනු ලබන දූෂණ සම්බන්ධ නඩු විසඳීම ඉක්මන් කිරීම සහ අල්ලස් හා දූෂණ හසු කරගැනීමට අල්ලස් කොමිසමට නව ක්‍රියාකාරී සැලසුමක් හඳුන්වා දීමද එම ප්‍රධාන කොන්දේසි අතරට ඇතුළත් බව සඳහන්.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවට නව ව්‍යවස්ථාව යටතේ පළාත් සඳහා බලය විමධ්‍යගත කිරීම, ඉඩම් පනත සඳහා සංශෝධන එක් කිරීම, පොලීසියේ දෙමල කතා කරන කාන්තාවන් ප්‍රමාණය වැඩි කිරීම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 25% ක් කිරීම, මුස්ලිම් නීතිය යටතේ විවාහ වන නීතිය සඳහා එකඟ වීම වැනි දෑද යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව තුළ මේ හරහා සිදු කිරීමට අවශ්‍යව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමයට පොරොන්දු වී ඇති බවත් ඒවායේ ප්‍රගතිය පිළිබඳ යුරෝපා සංගමය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා රජය වග බලාගන්නා බවටත් සහතික වී ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළිදරව් කරයි.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Island



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now