SKIP TO MAIN CONTENT

විහාරස්ථාන පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට බලයක් නොමැති බව අගමැති කියයි.

Sri Lanka Politics
Source: Ada Derana

1 min read

Published

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ පවතින විහාරස්ථාන පාලනය කිරීමට හෝ විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අද(12/07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී තරුණ භික්ෂු එකමුතුවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පැවසුවේය.

ජනමාධ්‍ය විසින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට උත්සහ ගන්නා බවත් කිසි විටෙකත් ආගම සමඟ දේශපාලනය නොකරන ලෙසත් අගමැතිවරයා එහිදී  දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේය.  

මේ අතර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සකස් කරමින් සිටින අතර ඒ තුළින් බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි නොකරන බව ද අගමැතිවරයා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now