SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකීය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ඉදිරියේදී නවතා දැමීමේ සූදානමක්.

Sri Lanka Politics
Source: www.buzzkenya.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

යුරෝපයේ ඇතැම් රටවල් ඇතුළුව ශ්‍රී ලාංකීය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සමහරක් ඉදිරියේදී නවතා දමන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (25/06) පැවසූ බව “Daily Mirror” පුවත්පත වාර්තා කරයි.

වත්මන් රජය තම රාජ්‍ය තාන්ත්‍රික යන්ත්‍රණයෙහි යම් යම් වෙනස්කම් කම් කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ඔහු පැහැදිලි කළේය.

අදාළ මෙහෙයුම් වල ක්‍රියාකාරිත්වය පිළිබඳ ඇගයීමකින් පසුව මෙම වෙනස්කම් සිදු කිරීමට යන  බවද ඔහු කියා සිටියේය.

මීට අමතරව යුරෝපා කලාපයේ පවත්වාගෙන යනු ලබන ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් නුදුරු අනාගතයේදී නවතා දැමෙනු ඇති බවද ඔහු ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසු බව “Daily Mirror” පුවත්පත වාර්තා කරයි.

ලෝකය පුරා පවතින විවිධ රටවල සමග වාණිජත්වය පදනම් කරගනිමින් නව රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

මෙම නව ප්‍රතිපත්තිය පිළිබඳ දැනුම් දීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන සියලුම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ප්‍රධානීන් හට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග විශේෂ රැස්වීමක් එළඹෙන සැප්තැම්බර් 04 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now