SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ලොකු පුටු 4 ක් වෙනස්වේ.

Sri Lanka Politics
Source: SBS

1 min read

Published

Updated

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ නැගෙනහිර  පළාත්  ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා  නව ජනාධිපති  ලේකම්වරයා  ලෙස  ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (04/07) පෙරවරුවේ දිවුරුම් දුන් බව වාර්තා වේ.

මීට අමතරව හිටපු යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කළ බැවින් නව හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් මහේෂ්  සේනානායක මහතා ද  අද පත්වීම් ලැබ තිබේ.

තවද නව ආරක්ෂක ලේකම්  ලෙස හිටපු  අතිරේක සොලිසිටර් ජනරාල්  කපිල වෛද්‍යරත්න මහතා  පත්වීම් ලැබ සිටින අතර ඔස්ටින්  ප්‍රනාන්දු  මහතාගෙන් හිස් වු  නැගෙනහිර  පළාත්  ආණ්ඩුකාර ධුරයට හිටපු අමාත්‍ය  රෝහිත බෝගොල්ලාගම මහතා  පත් වී  තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now