SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ මෙම වසර අවසන් වීමට පෙර.

SL LG and PC elections before year end.
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මැතිවරණ පනත් කෙටුම් පතේ දැනට මතුවී ඇති තාක්ෂණික දෝෂ එළඹෙන ජූලි අවසානයට පෙර විසඳුවහොත් මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ (28/06) කොළඹ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට හැකියාවක් ඇති බව ඒ මහතා එහිදී පැවසීය.

“නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා වල අවසන් මැතිවරණය පැවැත්වූයේ 2012 දෙසැම්බර් මාසයේදී. එනිසා මෙම පළාත් සභා වල නිල කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් සහ ඔක්තෝබර් මාසයෙන් අවසන් වෙනවා. එම නිල කාලය අවසන් වීමෙන් සතියකට පසුව අදාළ පළාත් සභා වල මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමෙන් මැතිවරණ නිවේදනයක් නිකුත් කළ යුතුයි. ඒ අනුව එම නිවේදනය ඔක්තෝබර් 02 වන දින නිකුත් කළ යුතු වෙනවා.” මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now