SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව හා පාකිස්තානය ප්‍රථම වතාවට රෝස පන්දුවෙන් ගැටෙයි.

SL & Pakistan will battle with the pink ball.
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: PTI



Skip to article content

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මෙම වසර අග භාගයේදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් සඳහා මුහුණ දීමට නියමිත බව වාර්තා වේ.

ඩුබායි හිදී පැවැත්වීමට අපේක්ෂිත මෙම තරගය රෝස පැහැති පන්දුවෙන් තරග කිරීමට නියමිත බව සඳහන්.

පාකිස්තානය පසුගිය වසරේදී ද ඩුබායි හිදී රෝස පැහැති පන්දුව යොදාගනිමින් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සහභාගී විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ වසරේදී පැවැත්වීමට නියමිත තරගාවලියට ටෙස්ට් තරග 2ක්, එක් දින තරග 5ක් සහ 20-20 තරග 3ක් ඇතුළත්.

මෙම තරගාවලිය ඔක්තෝබර් මස මුලදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කළ නමුත් එය නිශ්චිත වශයෙන් පැවැත්වෙන කාල සීමාව තවමත් දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර නොමැති බවද වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම තරගාවලිය ඔක්තෝබර් මුලදී නොව සැප්තැම්බර් අගදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ඉල්ලීමක් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now