SKIP TO MAIN CONTENT

“IPL ගහන්න ලංකාවේ එක ක්‍රීඩකයෙක්වත් සුදුසු නැහැ.” - මුත්තයියා මුරලිදරන්

SL players not capable enough to play in IPL: Murali.
Source: SportsKeeda

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් සිටින නමුත් IPL වැනි තරගාවලි ක්‍රීඩා කිරීම සඳහා ඔවුන් තමන්ගේ හැකියාවන් තව තවත් වර්ධනය කරගත යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිම දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

මේ වන විට IPL තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා සුදුසු මට්ටමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව සතුව නැති බව ඔහු සමග සිදු කළ විශේෂ සම්මුඛ පරීක්ෂනයකදී පවසා තිබේ.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන රටවල බොහෝ දක්ෂ ක්‍රීඩකයින් සිටින බවද හෙතෙම එහිදී පැවසීය.

IPL තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 32 දෙනෙකු සහභාගී කරගත හැකි නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ඒ සඳහා සුදුසු නැති බව මුරලි පවසයි.

මුත්තයියා මුරලිදරන් මෙවර IPL තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now