ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් අනුව දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම විදේශ සංචාරය ද මෙය වේ.
ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට ද නියමිතය.

