SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක් දින තරගය අද.

SL Takes Bangladesh in 1st ODI in Dambulla.
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලිය අද (25/03) රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට (ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 8 ට ) ආරම්භ වේ.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා පිළේ නායකත්වය දරනු ලබන්නේ උපුල් තරංග විසිනි.

මේ අතර පාදයේ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා පළමු තරග දෙක ක්‍රීඩා නොකරන බවද වාර්තා වේ.

කෙසේවෙතත්, තරග තහනමකට ලක්වූ නිරෝෂන් දික්වැල්ල නැවතත් මෙම තරගයට සහභාගී වෙන අතර කලකට පසුව තිසර පෙරේරා ද මෙම තරගයේ ක්‍රීඩා කරනු ඇති බව පැවසේ.

මේ වන  විට දෙරට අතර එක් දින තරග 38 ක් පවත්වා ඇති අතර ඉන් තරග 33ක් ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වන අතර තරග 3ක් බංග්ලාදේශ කණ්ඩායම විසින් දිනා ඇත.

එක්  තරගයක් පමණක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now