SKIP TO MAIN CONTENT

වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන මෙන් ජනපති මෛත්‍රීගෙන් ජාත්‍යන්තර බෞද්ධ සමුළුවට ඉල්ලීමක්.

SL to urge UN to declare Vesak as full UN holiday
Source: Flickr

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

2017 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිමිති කොටගෙන වෙසක් පුන් පොහෝ දිනය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නිවාඩු දිනයක් මෙන් නම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ට යෝජනාවක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා පැවසීය.

එවකට ශ්‍රී ලංකාවේ සිටි විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මුල පිරීමෙන් 1999 වසරේදී සාමජිකයින් 193 දෙනෙකු සිටි එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමේදී, වෙසක් දිනය, ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස සැමරීමට තීරණය කෙරිණි.

ඒ අනුව මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය එළඹෙන මැයි මස 12 සිට 14 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා සියලුම බෞද්ධ රටවල් නියෝජනය කරමින් ආරාධිතයින් 1000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බවද බෝපගේ මහතා පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ විවිධවූ ආගමික සාමජිකයින් සහ සේවකයින්ගේ සබැඳියාවට ගරු කරමින් පසුගිය වසරේ ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නිවාඩු ලෙස සැලකිය හැකි නව විශේෂිත දින 7ක් ඒකමතිකව සම්මත කර ගත්තේය. ඒ අතරට වෙසක්, Orthodox Good Friday, Yom Kippur සහ දීපාවලි යන දින ඇතුළත්ය.

එම යෝජනාවට අනුව අදාළ සාමාජිකයින් විසින් ඒ ඒ දින ජාත්‍යන්තර නිවාඩු දින ලෙස බලාත්මක කිරීමට නිල වශයෙන් ඉල්ලා තම අධීක්ෂකයින්ව මෙම වසර මුලදීම දැනුවත් කළ යුතු වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now