SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම 20-20 තරගය : ශ්‍රී ලංකාව ශ්‍රේණිගත ස්ථානය රැක ගැනීමේ උත්සාහයක.

SL vs Bangladesh 1st T20
Source: AFP

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු 20-20 තරගය අද (15/02) ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා වේලාවෙන් රාත්‍රී 10 ට මීර්පූර් හිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව  මේ වන විට බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් එක්දින තරගාවලිය මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියද ජයගෙන ඇති අතර කලකට පසුව පූර්ණ තරගාවලියක් ජයගැනීමේ අභිලාෂයෙන් මෙම 20-20 තරගාවලියට මුහුණ දීමට නියමිතය.

මේ අතර කණ්ඩායම් දෙකිහිම ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද තරගය සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම් සහ මෂ්රෆී මොටාසා අද තරගය සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.

කුසල් ජනිත් පෙරේරා වෙනුවටකුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කෙරුණද, අද පැවැත්වෙන තරගයේදී ඔහුට අවස්ථාවක් හිමිවීම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද බංග්ලාදේශ කණ්ඩායමේ  නායකයා ලෙස  මහමදුල්ලා රියාද් ද කටයුතු කරනු ඇත.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 20-20 තරග 7 ක් පවත්වා තිබෙන අතර ඉන් 5 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද, 2 ක් ජයගැනීමට බංග්ලාදේශයද සමත්ව තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 10 වැනි ස්ථානයේ පසුවේ.

යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී පරාජයටපත් වුවහොත් ශ්‍රේණිගත කිරීම්හි පහළට ඇද වැටීමේ අවදානමක් පවතී.

එසේ වුවහෙත් ඇෆ්ගනිස්තානය 20-20 ශ්‍රේණිගත කිරීම්හි හිදි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව පසුකර ඉදිරියට යාමේ ඉඩක් පවතිනු ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now