SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම ටෙස්ට් සටන අද.

Sri Lanka vs Bangladesh First Test 2018
Source: espncricinfo

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (31/01) චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ සුපිරි ටෙස්ට් ක්‍රීඩකයන් වන රංගන හේරත්, දිමුත් කරුණාරත්න සහ ඩිල්රුවන් පෙරේරා නැවතත් කණ්ඩායමට එක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා පිළේ ප්‍රවීන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරාට අමතරව අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් මෙන්ම පිට දඟ පන්දු යවන්නන් වන ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලකද සංචිතයට එක් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 18 න් තරග 15 කදී ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන අතර එක් තරගයක් පමණක් බංග්ලාදේශය ජයගෙන ඇත.

තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුෂල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර

බංග්ලාදේශ සංචිතය

මහමදුල්ලා රියාද් (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, ඉම්රුල් කේයිස්, මොමිනුල් හක්, මොසඩක් හොසේන්, තයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රහමාන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, රුබෙල් හොසේන්, නයීම් හසන්, සුන්සමුල් ඉස්ලාම්, තන්බාර් හයිදර් සහ අබ්දුර් රසාක්


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now