SKIP TO MAIN CONTENT

SL vs IND 1st Test match : ධවාන් සහ පුජාරා ඉන්දියාවට පාර කපයි.

Sri Lanka v India - First Test Match
Indias cricketer Shikhar Dhawan (R) and Cheteshwar Pujara celebrates their partnership. Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඊයේ (26/07) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ පළමු  ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට මුලින්ම ඉන්දීය කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 399 ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහිදී ආරම්භක පිතිකරු ශීකර් ධවාන් අගනා ලකුණු 190 ක් ලබා ගත් අතර චේතශ්වර් පුජාරා නොදැවී ලකුණු 144 ක් ලබා සිටියි.

ශීකර් ධවාන් ලකුණු 31 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් රැකගැනීමට ගොස් අසේල ගුණරත්න තුවාල ලබා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹට ගෙන ආ බව වාර්තා විය.

ඔහුගේ අතෙහි අස්ථි බිඳීමක් සිදුව ඇති බැවින් ටෙස්ට් තරගාවලියම ඔහුට අහිමි වේවි යයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (27/07) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now