SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාව කඩුලු 3 කට ලකුණු 125.

SL vs Ind
Source: India.com

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 120 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන් අතර පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 600 ක් ලබා ගත්තේය.

එහිදී ශීකර් ධවාන් ලකුණු 190 ක්ද චේතශ්වර් පුජාරා ලකුණු 153 ක් ද ලබා ගත්තේය.

සිය පළමු ඉනිම ඇරඹු ශ්‍රී ලංකාවේ ආරම්භක කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න මුළු ලකුණු සංඛ්‍යාව 7ක් ව තිබියදී දැවී ගිය අතර ඔහුට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 2ක් පමණි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 16 ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගියේය.

මේ වන විට පන්දුවට පහර දෙන උපුල් තරංග ලකුණු 64 ක් ලබා සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 ක් ලබා සිටියි.

ඉන්දීය පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව අනුව ඉන්දීය පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 401 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුව තිබේ.

එහෙත් උඩපන්දුවක් රැකගැනීමට යාමේදී වම් අතේ මහපට ඇඟිල්ලේ අස්ථියක් බිඳගත් අසේල ගුණරත්නට පන්දුවට පහර දිය නොහැකි බැවින් පිතිකරුවන් 10 දෙනකුගෙන් ලකුණු 401 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now