SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක් දින තරගය : ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්.

India beat Sri Lanka by 9 wickets in first ODI
Source: espncricinfo

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලිය යටතේ දඹුල්ල ක්‍රීඩාංගනයේදී ඊයේ (20/08) පැවති පළමු තරගයෙන්  ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව කඩුලු 9 ක පහසු ජයක් අත් කරගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 216 ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට ඉතා හොඳ ආරම්භයක් ලබා දුන් අතර ප්‍රථම කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක (35) දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 74 ක්ව තිබියදීය.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල සඳහා දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් අතර ලකුණු 65 ක අගනා සම්බන්ධයක් පවත්වාගෙන යාමේදී මුළු ලකණු සංඛ්‍යාව 139 ක්ව තිබියදී දික්වැල්ල ලකුණු 64 කට දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් ලබා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 36 ක් ලබා ගත්තේය.

සෙසු ක්‍රීඩකයින් සියල්ලම ලකුණු 10 ට අඩුවෙන් ලබාගත් හේතුව නිසා ශ්‍රී ලංකාව ලකුණු 216 කට සීමා විය.

ජයග්‍රාහී ලකුණු 217 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28 යි පන්දු 5 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 217 ක් ලබා තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළේය.

ඉන්දීය පිළේ දැවී ගිය එකම ක්‍රීඩකයා වුයේ රෝහිත් ශර්මා වූ අතර ශිකර් ධවාන් නොදැවී ලකුණු 132 ක් ලබාගත් අතර නායක විරාත් කෝලි නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය  ශිකර් ධවාන් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now