ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05/01) පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20-20 තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු විය.
ඉන්දියාවේ Guwahati නුවර පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
නමුත් ඉන් අනතුරුව හටගත් වර්ෂාව දිගින් දිගටම පැවැතීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
ඒ අනුව තරග තුනකින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා 20-20 තරගාවලියේ දෙවැනි තරගය හෙට දිනයේදී ඉන්දෝර් නුවරදී පැවැත්වීමට නියමිතය.