SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පළමු 20-20 තරගය වර්ෂාව නිසා අතහැර දමයි

SL vs India 1st T20I has been called off due to wet outfield
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05/01) පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20-20 තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු විය.

ඉන්දියාවේ Guwahati නුවර පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

නමුත් ඉන් අනතුරුව හටගත් වර්ෂාව දිගින් දිගටම පැවැතීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ අනුව තරග තුනකින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා 20-20 තරගාවලියේ දෙවැනි තරගය හෙට දිනයේදී ඉන්දෝර් නුවරදී පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now