SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය : ලංකාව පළමු ඉනිමට ශක්තිමත් ආරම්භයක් දමයි.

SL vs India 1st Test
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භවූ පලමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (18/11) දිනයටත් අයහපත් කාලගුණයෙන් බාධා එල්ල විය.

තුන්වන දිනය නිමා වන විට පළමු ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක්ද ලහිරු තිරමාන්න ලකුණු 51ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළෝය.

නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 13 ක්ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 14 ක්ද ලබා මේ වන විට කඩුල්ලේ රැදී සිටිති.

ඉන්දියාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 172 ක් පමණි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 4 ක් ද ලහිරු ගමගේ, දසුන් ශානක සහ දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින්ද බිඳ හෙළීය.

හෙට (19/11) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now