SKIP TO MAIN CONTENT

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වේ.

SL vs India 1st Test
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භවූ පලමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (21/11) අවසන් විය.

අවසන් දිනයේදී ලකුණු 231 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 75 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන්නට තීරණය කෙරිණි.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ඉන්දීය පිලට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඉන්දියාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 172 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 294 ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දියාව සිය දෙවැනි ඉනිම ලකුණු 352 කට අත්හිටුවා ශ්‍රී ලංකාවට දෙවනියට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 කට ලකුණු 75 ක් ලබා සිටියේය.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය පිළේ භුවනේශ්වර් කුමාර් හට හිමි විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වන දින ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now