SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය : ඉන්දියාව දෙවැනි ඉනිම අරඹයි.

SL vs India 1st Test
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භවූ පලමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 171 ක් රැස් කරගෙන සිටියි.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් ශීකර් ධවාන් ලකුණු 94 කට දැවී ගිය අතර ලෝකේශ් රාහුල් නොදැවී ලකුණු 74 ක් ලබා චේතස්වර් පුජාරා (2) සමග කඩුල්ලේ රැදී සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 294 ක් ලබා ගත්තේය.

කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටියි.

එහිදී රංගන හේරත් ලකුණු 67 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක්ද ලහිරු තිරමාන්න ලකුණු 51ක්ද ලබා ගත්තේය.

ඉන්දියාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 172 ක් පමණි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 4 ක් ද ලහිරු ගමගේ, දසුන් ශානක සහ දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින්ද බිඳ හෙළීය.

අද (20/11) තරගයේ පස්වන හෙවත් අවසාන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now