SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය : ඉන්දියාවට ලකුණු 304 ක ජයක්.

SL vs India 1st Test Match: India easily won by 304 runs.
Source: AP

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වීමට පෙර ඉන්දියානු කණ්ඩායම ලකුණු 304 ක පහසු ජයක් අත් කරගැනීමට සමත් විය.

ජයග්‍රාහී ලකුණු 550 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සියල්ලන්ම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 245 ක් පමණි.

ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිම සඳහා වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරනු ලැබුවේ නිරෝෂන් දික්වැල්ල වූ අතර ඔහු ලබාගත් ලකුණු ප්‍රමාණය 67 කි.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන් අතර පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 600 ක් ලබා ගත්තේය.

එහිදී ශීකර් ධවාන් ලකුණු 190 ක්ද චේතශ්වර් පුජාරා ලකුණු 153 ක් ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සඳහා ලකුණු 291 ක් ලබා ගත් අතර දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 92 ක් ද ඇන්ජලෝ මැතිව්ස් 83 ක්ද උපුල් තරංග ලකුණු 64 ක්ද ලබා ගත්තේය.

දෙවැනි ඉනිම සඳහා ඉන්දියාව කඩුලු 3 කට ලකුණු 240 ක් ලබාගෙන සිටියදී ඉනිම අත් හිටුවා ශ්‍රී ලංකාවට ලකුණු 550 ක ඉලක්කයක් ලබා දුන්නේය.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් නායක විරාත් කෝලි නොදැවී ලකුණු 103 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය පිළේ ශීකර් ධවාන් හට හිමි විය.

ඒ අනුව ටෙස්ට් තරග 3 කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව මේ වන විට පෙරමුණ ගෙන සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now